IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බිත්තරයක් 41කට අඩුවෙන්

(මහින්ද නිශ්ශංක)

බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකගතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමග වෙළඳ අමාත්‍යාංශයේදී  පැවති විශේෂ සාකච්ඡාවකදී එම නියෝජිතයන් මෙම එකගතාවය දැක්වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.නයිමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

මෙම විශේෂ සාකච්ඡාවට සහභාගි වූ සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ මේ වනවිට වෙළඳ පොළේ බිත්තරයක් රුපියල් 45 ට අඩුවෙන් සිල්ලර මිලට ලබා ගත හැකි බවයි.

දැනට දිනක බිත්තර නිෂ්පාදනය ලක්ෂ 85 දක්වා ඉහළ ගොස් ඇති බවත් ගොවිපොළෙන් බිත්තරයක් රුපියල් 35,36 තොග මිලට නිකුත් කරන බවද ඔහු සඳහන් කළහ.

 



අදහස් (3)

බිත්තරයක් 41කට අඩුවෙන්

de silva Thursday, 24 October 2024 03:29 PM

ඔය මිනිස්සු කවදාවත් පොරොන්දු වෙන දේවල් කරන්නේ නැහැ. උත්සව සමයේ දී බිත්තරේ 60 පනිනවා කරුණාකර බිත්තර ඉන්දියාවෙන් ගෙන්වන්න 35ට ලාභෙකුත් තියාගෙන දෙන්න පුළුවන්.

:       3       29

අමාThursday, 24 October 2024 09:31 PM

රු 10ක කොමිස් එකත් ගන්න පුළුවන්...! 

:       0       0

විපරමා Thursday, 24 October 2024 03:44 PM

පහුගිය කාලේ බිත්තරේ ගණන් ගියා..ඉස්සරහට එන උත්සව කාලයත් එක්ක බිත්තර පරිභෝජනය වැඩිවෙනවා. වෙළෙන්දෝ ගසා කන්ඩ බලාගෙන ඉන්නවා. පහුගිය කාලේ දූෂිත දේසපාලුවන්ට බිත්තරෙත් ප්‍රශ්නයක් උනා?

:       4       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site