IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බටනා ගොවීහු හූල්ලති

(චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.

වෙළෙද පොළේ නිසි මිළක් නොමැති වීම නිසා එම ගොවීහු අපහසුතා රැසකට මුහුණ පා සිටිති.

විශාල වශයෙන් මෙවර යළ යන්නයේ වගා ලී ආශ්‍රිතව ගොඩ බෝග ලෙස වට්ටක්කා, කැකිරි ,පිපිඤ්ඤා, කොමඩු ආදී බෝග විශාල වශයෙන් වගා කර තිබේ.

ගොවින් මේ දිනවල , එසේ වගාකළ වට්ටක්කා වගාවන්හි අස්වැන්න ගොවීන් අස්වැන්න නෙළීම ආරම්භ කර තිබුනද, ගොවීන් වගාකල වට්ටක්කා සදහා වෙළදපොලේ නිසි මිළක් නොමැති කමින් පඩිකාරමඩුව , අබ කොළණිය,නිකවැව හා ඒ අවට ගම්මානවල දැඩිලෙස අපහසුතාවයට පත්ව ඇති බව ගොවීහු පෙන්වා දෙති.

වට්ටක්කා කිලෝවක් රුපියල් 60 ක් 80 අතර මුදලකට අලෙවි වීම කණගාටුදායක තත්ත්වයක් බව ගොවීහු පෙන්වා දෙති.

 

 



අදහස් (9)

බටනා ගොවීහු හූල්ලති

රම්බොඩ Wednesday, 09 October 2024 07:05 PM

ගොවි නිෂ්පාදන රට පුරා බෙදී යන එකේ විශාල ගැටළුවක් තියෙනවා. ආර්ථික මධ්‍යස්ථාන වල ඉන්න අතරමැදියන් විතරයි හම්බ කරගන්නේ. ගොවියාටත් නෑ. පාරිභෝගිකයාටත් නෑ. මේ ගැන. විද්‍යාත්මක පියවරක් ගත යුතුව තියෙනවා. මේ අද ඊයේ ප්‍රශ්නයක් නොවෙයි...

:       0       0

Nimal Wednesday, 09 October 2024 07:17 PM

වගාකළ බටානා වට්ටක්කා හෝ වෙනත් වගාවන් සහ වී ගොවිතැන පිළිබඳව JVP කණ්ඩායම් විපක්ෂයේ සිටියදී චෝදනා කරනු ලැබුවේත් ගොවීන් සමග උත්ඝෝෂණ කරනු ලැබුවේත්, පැවැති රජයන්ට එරෙහිව නිසා යලිත් උද්ඝෝෂණ මතු වුවහොත් අනුර සහ මාලිමා ආණ්ඩුව ගන්න තීරණය කුමක්ද? වගා කළ බටානා වට්ටක්කා හෝ වෙනත් වගාවන් සහ වී ගොවිතැන අස්වනු විකිණීමේදී ඇතිවන ගැටළු පිලිබදව පවතින රජයන් වගකිව යුතුද..?

:       8       15

PereraThursday, 10 October 2024 05:55 AM

නිමල් තවම තියෙන්නේ භාරකාර ආණ්ඩුවක් .අනුර ජනපති වෙලා මාසයක්වත් ගෙවිලා නැහැ .මේ ප්‍රශ්න ඔක්කොම ස්ථිර ආණ්ඩුවක් වත් නැතුව මාසෙන් විසඳන්න පුලුවන්ද ?

:       2       9

අමල්Thursday, 10 October 2024 03:31 PM

තවම හරිහමන් රාජ්‍ය බලයක්වත් නැතුව, බලයට ඇවිල්ලා තාම මාසයක්වත් නැහැ. ඒවුණාට මුහුණ දාපු මුද්දර ! මුද්දර දෙකේ පිටිපස්සේ කෙළ ගාලා අලවන්න ඕනේ මේ අයගේ පස්ස පැත්තේ !

:       0       1

Lalla Wednesday, 09 October 2024 08:02 PM

80ට තොග මිලට ගන්න බටානා ගම්පහ සහ කොළඹ සිල්ලර මිල 300/= අතරමැදියා පාලනය කිරීමට ආණ්ඩු අසමත්... දේශීය අල සිල්ලර මිල 480/= ආනයනික අර්තාපල් සිල්ලර මිල 220/= ඉතින් දේශීය නිෂ්පාදන ගන්න කාටද සල්ලි තියෙන්නේ..? ලාභය අතරමැද වෙළෙන්දන්ට..

:       3       19

සෙනෙවිරත්න Thursday, 10 October 2024 07:01 AM

තවම මාලිමා රජයක් පත්ව නොමැති බව දැනගත යුතුය, මෙවන් ප්‍රශ්න වලට දිගුකාලීන විසඳුම් දිය යුතු බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. එකම වර්ගයේ බෝග වගා කර විශාල අස්වැන්නක් වෙළඳපොලට එක් කලවිට රජයට කෙටිකාලීන විසඳුමක් නැත. කලයුතු වන්නෙ අපනයනය හෝ වගාව සීමා කිරීම, නැත්නම් සීතාගාර වල කල්තබා ගැනීමයි. මේ සඳහා රජය ස්ථාවර වූ විට පියවර ගනු ඇත කිසිදු රජයකට එවන් සැලසුමක් තිබුනේ නැත. .

:       2       5

vernonThursday, 10 October 2024 03:42 PM

දඹුල්ලේ එළවළු ශීතාගාරයක් හදන්න ගියාම ඒකට විරුද්ධ වෙලා නැවත්තුවේ කව්ද? රටේ ආණ්ඩුවක් නෑ කියන්න රට අරාජික වෙලා නෑ.

:       0       0

කුමාර Thursday, 10 October 2024 09:51 AM

මේ එළවලු පිටරට විකුණන්නක්‍රමවේදයක් හදලා දෙන්න ඕනා .. ඉන්දියාවෙන් එන ඔය වට්ටක්ක වලට අද මැද පෙරදිග හොද ඉල්ලුමක් තියෙනවා..

:       0       8

අමල් Thursday, 10 October 2024 03:41 PM

පොහොසත් රටක්! ලස්සන ජිවිතයක් ! - ඔබේ අස්වැන්නට නියමිත වටිනාකමක් දෙන්න අපේ රජය බැඳිලා ඉන්නවා! - තඹුත්තේගම අනුර සහෝ ! මතකද දන්නෑ මීට මාසෙකට විතර කලින් කයියනායක කියපු කතා..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site