IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බැඞ්මින්ටන් ශූර නිලූක විදෙස් තරග සංචාර 5 කට සූදානමින්

ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙට (2012) සුදුසුකම් ලැබීමේ පාරිසාධක මට්ටම ඉක්මවා සිටින ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ඉදිරියේදී අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලි පහකට සහභාගිවීමේ සුදානමින් සිටියි. බැඞ්මින්ටන් ලෝක සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) 54 වැනි ස්ථානයේ සිටින නිලූකට ශ්‍රේණිගත කිරීමේ තවදුරටත් ඉදිරියට ඒමේ අරමුණින් මෙම අන්තර්ජාතික තරගමාලාවට සහභාගිවෙයි. නිලූකගේ මෙම දස්කම් නිසා ක‍්‍රීඩා අමාත්‍යංශය මගින් ඔහුට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල දක්වා මාස්පතා දීමනාවක් ලබාදීමට මේවන විට පියවර ගෙන තිබේ. මෙම දීමනාවට අමතරව නිලූක ඉදිරියේදී සහභාගිවන අන්තර්ජාතික තරගාවලිවලදී පුහුණුකරුවකු සහ භෞතචිකිත්සකවරයකුගේ සේවය ලබාදීමටත් ක‍්‍රීඩා අමාත්‍යංශය ප‍්‍රතිඥා දී තිබේ. එහිදී ප‍්‍රදීප් වෙලගෙදර මහතා පුහුණුකරු ලෙසත්, ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ් මහේෂ් කොඩිතුවක්කු මහතා භෞතචිකිත්සක ලෙසත් නිලූක සහභාගිවන තරග සංචාරවලට එක්වීමට නියමිතය. මෙම 22 වැනිදා පෝලන්තයේ පැවැත්වෙන ‘පෝලන්ඞ්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීමට නිලූක මේ වන විටත් සුදානමින් සිටියි. මෙම 29 වැනිදා ආරම්භවන පින්ලන්ත විවෘත තරගාවලිය අපේ‍්‍රල් මස 3 වැනිදා ආරම්භවන  ඕස්ටේ‍්‍රලියා විවෘත තරගාවලිය මෙන්ම අපේ‍්‍රල් මස 11 වැනිදා සිට පේරු රාජ්‍යයේදී පැවැත්වෙන තරගාවලිය නිලූක සහභාගිවීමට සුදානමින් සිටින සෙසු අන්තර්ජාතික තරගමාලාවේ. ඔහු සහභාගිවන දකුණු ඇමරිකාවේ තාහිටීහිදී පැවැත්වෙන අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය අපේ‍්‍රල් මස 19 වැනිදා ආරම්භවේ. නිලූක, පෝලන්ත සහ පින්ලන්ත තරගාවලි දෙකේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ නවවැනි ස්ථානයේ පසුවෙයි. පෝලන්ත තරගාවලියට ක‍්‍රීඩකයෝ 78 දෙනෙක්ද, පින්ලන්ත තරගාවලියට ක‍්‍රීඩකයෝ 66 දෙනෙක් ද ඉදිරිපත්ව සිටිති.



අදහස් (0)

බැඞ්මින්ටන් ශූර නිලූක විදෙස් තරග සංචාර 5 කට සූදානමින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site