
(කීර්ති ප්‍රනාන්දු)
මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල නිවස ඉදිරිපිට අද සවස සිට දැවැන්ත හර්තාලයක් ආරම්භ කර ඇත.
පන්සීයකට අධික ජනතාවක් ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ඉදිරිපිට මෙසේ නිරතව සිටින අතර රණතුංග අමාත්‍යවරයාගේ නිවසට ඇතුල් වන ප්‍රධාන දොරටුව ඉදිරිපිට පොලිසිය ආරක්ෂාව තර කර ඇත .
මේ හේතුවෙන් ගම්පහ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ අධික රථ වාහන තදබදයක් ද හටගෙන ඇත .


COMMENTS
ජයවේවා...!
නියමයි.
අලුත්ම ප්‍රස්ථා පිරුළු, ප්‍රසන්නට පොලිසිය බාරදුන්නා වගේ කියන්නේ හොරාට පොලිසිය බාර දුන්නා වගේ...!
මහජන ආරක්ෂා ඇමැති කෙනෙක් මොකටද ආරක්ෂක ඇමති කෙනෙක් ඉන්නවා නම්...? මේ හොර නඩය පමණ ඉක්මවා කැබිනට් ඇමතිලා, රාජ්‍ය ඇමැතිලා..., විෂය බාර ඇමැතිලා..., උප ඇමතිලා ඒ මදිවට පළාත් සභාවලත් ඇමතිවරුන් ඉන්නවා ගෝනි ගණන්... මේ අය අපේ රටට, ජාතියට මෙතෙක් කළ කිසිම දෙයක් නෑ. මේ අපරාධ මතු භවයටම ගෙනියන්න.
අනේ බොහෝම හොඳයි. පොලීසිය, අපේ දරුවන්ව පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කරනවට...
ජයවේවා...!
ඇයි උන්නැහේත් විපක්ෂයේද?
ප්‍රසන්නට පොලිසිය බාරදීමෙන් ජනපතිගේ ආකල්පය හෝ මොලයේ තත්ත්වය තේරුම් ගත හැකියි. එවැනි ජනාධිපති කෙනෙක් කුමන සර්ව පක්ෂ ආණ්ඩුවද? පරණ ආණ්ඩුවම නොවේද?
අර බලෙන් අල්ල ගත්තු එකත් වටලන්න.
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වාලු...!
හොඳ වැඩේ අර කොල්ලන්ට කරන අපරාධයට නම් ඔහොම වෙලා මදි...
කප්පම්, අල්ලස් චෝදනා තියෙන කෙනෙකුට පොලිසිය බාර දුන්නාම.., නරියාට කුකුළු කොටුව දුන්න වගේ තමයි.
හොඳම වෙලාව හමුදාවට රට බාරදීම අවුරුදු දෙකකටවත්... මේ වැඩෙන් වෙන්නේ රට තවත් වල පල්ලට යාමයි. මේ උද්ඝෝෂණ සේරම ලපයාගේ වැඩ. 71 ඉඳලාම මොවුන්ට කරන්නත් බැහැ.. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ...
වර්තමාන ජනාධිපති හට රටේ ආරක්ෂාව ගැන ඇති දැනුම ඇත්තටම ගැටළුවක්... අනාගැනිල්ල හැර වෙන කිසිවක් මේ තාක්කල් කර නොමැති බව කණගාටුවෙන් වුවද සඳහන් කරමි.
මෙයාව ගම්පහින් තමිල් නාඩුවට යවන්න...!
ඔය ඇමැති පිම්බිලා වැඩියි.. හුළං බස්සන්න කාලෙ හරි.
මේ අයගේ හොර වැඩ. ඉඩම් ඇතුළු චෝදනා තියන අයෙක් කොහොමද ඇමැති වුණේ? කඩේ යන හින්දා නේද?
අයියෝ මෙයාට මොනවටද පොලිස් ආරක්ෂාව? මෙයා ගෙදර ගේට්ටුව ඉස්සරහ හිටගත්තාම, අමුතුවෙන් ගේට්ටුවක් ඕනෑ නැහැ.
ශරිර කූඩුවේ තරමට මොලේ නැහැ. උද්ඝෝෂකයින්ට පහරදීම් කෙරෙව්වේ මෙයාගේ වුවමනාවට කියලා ආරංචියි. බලලෝභී, බඩගොස්තරවාදින්ගේ වැඩ. පවුලේ මහ එකා ඉඳලා ඔක්කොම දේශපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු අයයි.
මිනිස්සුන්ට ඇත්ත කියන්න බැරි, දූෂිත සියලු දෙනා ගෙදර යැවිය යුතුයි. අරගලයට කැපවන තරුණයින්ට අප සියලු දෙනාම ණයගැතියි. ඔවුන් සියලු දෙනාම පාරට ආවේ අප වෙනුවෙන්.. රට වෙනුවෙන්.
හොරා කාපු කෑම පේනවා...!