IMG-LOGO

2025 ජුනි මස 03 වන අඟහරුවාදා


පෙර කාලෙට වඩා අනාගතයේ දී සෞඛ්‍යයට ලොකු දියුණුවක්

(අංජුල මහික වීරරත්න)

පසුගිය කාලයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්පත් කර ගත් දියුණුවට වඩා ඉහළ  දියුණුවක්  ඉදිරි වසර කිහිපයේ දී අත්පත් කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ඉලක්කය වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරියේ නිරත පිරිස් ඉදිරි සැලසුම් නිසි ඉලක්කයකින්, නිසි කාල රාමුවකට ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි කැපවීමකින් යුතුව රාජකාරියෙන් ඔබ්බට ගිය සේවාවක් ලබාදීමට අධිෂ්ඨාන කරගත යුතු බවද අමාත්‍යවරයා කීය. 

අමාත්‍යවරයා මේ බව කීවේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන  ශ්‍රවණාගාරයේ පැවති මහජන සෞඛ්‍ය පිළිබඳ අධ්‍යයන ඩිප්ලෝමා සහතික පත් ප්‍රදානෝත්සවයට එක් වෙමිනි.

මහජන සෞඛ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිමකරන ලද මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පින් 46 දෙනෙකුට සහ මහජන සෞඛ්‍ය ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක ව නිමකරන ලද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 141 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මෙහි දී සිදුවිය. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී මෙම ඩිප්ලෝමාධාරීන්ගේ අධ්‍යයන කටයුතු  සිදු කෙරිණි.



අදහස් (0)

පෙර කාලෙට වඩා අනාගතයේ දී සෞඛ්‍යයට ලොකු දියුණුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 377 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 634 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site