IMG-LOGO

2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා


පියුමි හංසමාලිගේ පුතා ඇප මත මුදා හරියි

(රෝෂන් තුෂාර)

වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් රිශ්වාන් මහතා අද (13) නියෝග කළේය.

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  සැකකරු මෙසේ ඇප මත මුදා හැරුණු අතර රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කෙරුණි.

සැකකරුගේ අද අළුයම් කාලයේ යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශයේ යමින් සිටියදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත් සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි සැකකාර පුද්ගලයා ඇතුළු තවත් පිරිසක් ත්‍රීරෝද රථ රියදුරුට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

පහර කෑමට ලක්වූූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවද සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරමින් සිටින බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

පැමිණිල්ල මෙහෙයවූ පොලිසිය හා සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු එසේ ඇප මත මුදා හරින ලෙසට නියෝග කළේය.

 



අදහස් (3)

පියුමි හංසමාලිගේ පුතා ඇප මත මුදා හරියි

Fernando Monday, 14 July 2025 04:30 AM

රූපවාහිනීයේ ප්‍රවෘත්ති බලද්දී දැකපු සැකකරු සමග සිටි පිරිසේ අයගේ හැටියට ඔවුන් මැර කල්ලියක්ද කියල හිතෙනවා

:       0       8

Bunny Preena Monday, 14 July 2025 10:37 AM

කාගේ හයිය අතට අරගෙනද මෙහෙම හැසිරෙන්නේ? කතාකරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න වලට මොකට ගහ ගන්නවද මන්ද?

:       0       8

Neel Monday, 14 July 2025 12:06 PM

පහර කෑමට ලක්වු පුද්ගලයා තවම ඉස්පිරිතාලේ , තව සැක සහිත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිතයි. ප්‍රධාන පුද්ගලයාට තවම වයස අවුරුදු 15 යි. ඒ කියන්නේ ලයිසන් නැහැ. ඉන්සුවරන්ස් නැත. හැබැයී, පොලිසියේන්ම ඇප දීලා ගෙදර යන්න දීලා. ගොඩක් මුදල් වියදම් කරලා තියේන පාටයි නේද කියල හිතේනව. නමුත් ආණ්‌ඩුව කියන්නේ නීතිය සැමොටම එක සමානයි කියල. අතිවිශිෂ්ටයි ඡය වේවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 150 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15810 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 555 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site