IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ප්‍රසන්නට ඇප නොදෙයි:යළි රිමාන්ඩ්

(ඩබ්ලිව් ඩී එම් විතානගේ)

රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වටිනා කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන්  දෑනට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනාට අපෙක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය එම සැකකරුවන් තිදෙනා ලබන 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි  නියෝග කළාය.

මේ නඩුව අද නැවත කැඳවු අවස්ථාවේ එම සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් වන අමිල පල්ලියගුරු හා දේශාල් පෝල් යන මහත්වරුන් විසින් තම සේවාදායකයන්ට ඇප ලබා දෙන ලෙසට මීට ඉහත කරන ලද ඉල්ලීම සම්බන්ධව නියෝගය අද ලබා දෙන බවට මහේස්ත්‍රාත්වරිය කර තිබු ප්‍රකාශය අනුව  ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය සදහන් කෙළේ මේ නඩුව පවරා තිබෙන්නේ නීතීපතිතුමාගේ උපදෙස් අනුව පොදු දේපල පනත යටතේ.  මේ සැකකරුවන් පොලිසිය හා අධිකරණය මගහැර සිටි  බැවින් ඔවුන්ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබු බවත් ඔවුන්ට ඇප ලබා ගැනීම සදහා සුවිශේෂී කරුණු හෝ අසාමාන්‍ය කරුණු ඉදිරිපත් නොවු බවත් ඒ නිසා ඔවුන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන බවත්යි.

 



අදහස් (0)

ප්‍රසන්නට ඇප නොදෙයි:යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 120 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 70 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site