IMG-LOGO

පොළොන්නරුවේ අතඇරදා තිබූ කෘෂි උපකරණ කන්දකාඩුවේදී වැඩට ගන්න යයි

(අංජුල මහික වීරරත්න)

පොලොන්නරුව ගල්ලෑල්ල ජාතික  පශු සම්පත් ගොවිපොළේ වසර කිහිපයක් තිස්සේ භාවිතයට නොගත් වටිනා කෘෂි උපකරණ රැසක් කන්දකාඩු බඩඉරිඟු වගාව සඳහා යෙදවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙම  කෘෂි උපකරණ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට තොරතුරකට අනුව මෙම පියවර ගෙන තිබෙි.

එම උපකරණ අතර මීටර් 500ක විශ්කම්භයක් සහිත ප්‍රදේශයකට ජලය යෙදීමට හැකි උපකරණ, පස පෙරළීම සඳහා යොදා ගන්නා තැටි 16 නඟුල්, විශාල ප්‍රමාණයේ නඟුල්, නවීන බීජ රෝපණ උපකරණ  හා සූර්ය බලයෙන් ක්‍රියාකරන  නවීන උපකරණ රැසක් ද තිබී අැත.

මෙම උපකරණ  විශාල මුදලක් වැය කර මෙරටට ආනයනය කර තිබුනත් වසර දෙකක් තිස්සේ ඒවා නිසි ප්‍රයෝජනයක් නොගත් බව  ගොවිපොළේ සේවකයන්  අමාත්‍යවරයාට පැමිණිළි කර තිබිණි.

ලබන මහ කන්නයේ දී කන්දකාඩු ගොවිපොළේ අක්කර 3000ක පමණ බඩඉරිඟු වගා කිරීමෙි කටයුතු සඳහා එම උපකරණ යොදවන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (1)

පොළොන්නරුවේ අතඇරදා තිබූ කෘෂි උපකරණ කන්දකාඩුවේදී වැඩට ගන්න යයි

fairoos Wednesday, 10 August 2022 04:08 PM

වැඩේනම් හොඳයි... හැබැයි මේවට වගකිව යුත්තන් ගැන පරීක්ෂණයකුත් කළානම් හොඳයි නේද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 473 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 909 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site