IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පළාත් පාලන පණත සංශෝධනය කරන්න යයි

(දයාසීලි ලියනගේ)

පළාත් පාලන ආයතනවල ආදායම් වැඩිකරගැනීමට හැකිවන පරිදි පළාත් පාලන පනත සංශෝධනය කර කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා තීරණය කර ඇත.

වසර 30ක් පමණ පැරණි පළාත් පාලන ආයතන පණත වහා සංශෝධනය විය යුතුබව ප්‍රකාශ කරන ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇත.

පළාත් පාලන කටයුතුවලට ජනතාවගේ සහභාගීත්වය වැඩි වශයෙන් ලබාගැනීමට ද මෙම සංශෝධනවලින් අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

මීට අමතවර පළාත් පාලන ආයතනවල සීමාව පුලුල් කිරීමක් ද නව සංශෝධන යටතේ සිදුකිරීමට බලාපොරොත්තු වේ.



අදහස් (10)

පළාත් පාලන පණත සංශෝධනය කරන්න යයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 19 February 2021 11:45 AM

පළාත් පාලන ආයතනවල ආදායම වැඩිකරනවා කියන්නේ ජනතාවට දෙවියන්ගේම පිහිටයි යන්නය. බොහෝ පළාත් පාලන ආයතන හොර ගුහා වැනිය. ගොඩනැගිල්ලක් හදනවා නම්, එයට ගෙවීමක් වෙන අයුරු වඩා සිදුවේ. සැලැස්ම අනුමත කිරීමට නම් එම ආයතනයේ ටී.ඕ. ලවා එය අන්දවා ගත යුතුයි. ඊට වඩා සුදුසුකම් ඇති අයෙකු ඇන්දත්, කුමක් හෝ නැති වරදක් පෙන්වා අනුමැතිය දෙනු නොලැබේ. ඇතැම්විට, සාදා බොහෝ කාලයක් පැරණි නිවාස ගැන අසාධාරණ තනි තීන්දු ගෙන, ඒවා නැවත මැන වැඩි බදු අයකරනා අවස්ථාද ඇත. ජීවන බරින් මිරිකී සිටින රටවැසියා මේ කෙහෙල්මල් පළාත්පාලන මඟුලෙන් තවතවත් හිරිහැරයට පත්වේ. මේ පුංචි රටේ ප්‍රධාන රජයක් යටතේ රට පාලනය කිරීමට පුළුවන්කම තිබියදීත්, මේ රට කන පළාත් පාලන ආයතන විසුරුවා හැර ජනතා පීඩනය මඳක් හෝ අඩුකිරීමට පියවර ගන්නේ නම්, යහපතකි. ඒත්, ඒවා ඉටුවේදැයි සැක සහිතයි...

:       2       33

kapilaFriday, 19 February 2021 02:14 PM

ඇත්ත. මේක තවත් ආණ්ඩුවක් නඩත්තු කිරීමට මහජනයා මත පටවන බද්දක්...

:       2       22

asanka Friday, 19 February 2021 12:06 PM

දැන් මේ ආයතන වලට ලැබී තිබෙන ආදායමින්, පළාත් වලට මේ ආයතන වලින් කෙරෙන සේවාවත් මහජනයාට දැන්වීම අනිවාර්ය කළයුතුයි...

:       0       25

Hafeel Friday, 19 February 2021 01:02 PM

එහෙම නම් තව මොනවා හරි බද්දක් ජනතාවට පටවනවා වගේ...

:       1       20

අතුල Friday, 19 February 2021 01:09 PM

තව වැඩිපුර බදු මොනවා හරි ගහන්න වෙන්ටෑ. එහෙම නැතුව කොහෙන්ද අාදායම් හොයන්නේ?. ලංකාවේ මන්ත්‍රී වරු 10,000ක් විතර ඉන්නවා. එහෙම නැතිව ඔය රොත්ත බුරුත්තේ වියදම් පියවන්නේ කොහොමද?

:       0       21

Puppa Saturday, 20 February 2021 12:57 AM

ඔක්කොටෝම ඉස්සෙල්ලා මෙයාගේ ගෙදර වටේ බලකොටුවක් වගේ ඇති තාප්පේ ගැහුවේ කාගේ සල්ලිවලින්ද කියලා දැනගන්න. මෙච්චර ධනස්කන්ධයක් ලැබුණේ කොහොමද කියලා අහන්න.

:       0       9

D.L ඒකනායක Saturday, 20 February 2021 05:24 AM

2/3 යසඅගේට දීලා. ආණ්ඩුවක් ගෙනාවා දැන් කතාකරලා වැඩක් නෑ. අවුරුදු 5ක් ඉවසන් ඉන්න ඕනෑ... ඔය විදිහට කාලෙන් කාලෙට පාටින් පාටට... අණ පනත් සංශෝධන ගැසට් තින්දු තීරණ එනවා. ඔවුන්ට බැනලා බැහැ.. අපිමයි ආණ්ඩු හදන්නේ... අපිමයි එකම ගාලක් ගාල් කරන්නේ.. අපි මේ ක්‍රමය වෙනස් කරපු දවසට ජාතියක් හැටියට, රටක් හැටියට නැගිටින්ට පුලුවන්.. මොලේ උඩ ඉඳගෙන ඉන්න තාක්කල් අපිට සහනයක් නැහැ.

:       0       11

fairoos Sunday, 21 February 2021 07:34 AM

මේක මෙතුමාගේ පුද්ගලික මතයක්නේ. ගණන් ගන්න එපා..

:       0       0

K.A.K.Pereral Sunday, 21 February 2021 11:05 PM

මට කියන්න ඇත්තේ නගරසභා ආදායම මදි නිසා කොට්ටාශ ප්‍රමාණය අඩුකර භාගයක් බවට අඩුකර කොට්ටාශ ක්‍රමයට ඡන්ද පැවැත්විය යුතු බවයි.

:       0       0

sharm warn Wednesday, 24 February 2021 06:25 AM

පළාත් ආදායම මදි කියන්නේ... අපිටම තට්ටු කරන්න පොටක් හොයනවා වගේ... මේ ගොල්ලෝ රාජපක්ෂලාගේ හොරණෑවල් විතරයි. මෙයාලා කියන්නේ එයාලාට කියාගන්න ඕනෑදේවල්.. ඡන්දේ දුන්නනේ... මෙයාලා කියන්නේ එයාලාට කියාගන්න ඕනෑ දේවල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site