(පුෂ්පකුමාර ජයරත්න )
සිසුසැරිය බසයක් සහ ඇඟළුම් කම්හලක සේවකයින් ප්‍රවාහනය කරන බසයක් අද (07) උදෑසන කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව පාන්ගොල්ල මංසන්ධියේදී ගැටීමෙන් වූ අනතුරකින් සිසුසිසුවියන් 15 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.
තුවාල ලැබූ සිසුන්ද, ඇඟළුම් කම්හල් බසයේ රියැදුරාද කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ ගොකරැල්ල දිසා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව පැවසේ.
මැල්සිරිපුර දිද්දෙනියේ සිට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට සිසුන් ප්‍රවාහනය කරන සිසුසැරිය බසයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ එම බසයේ සිසුවියන් 80 කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරමින් සිට ඇත. තුවාල ලැබූ සිසුන්ගෙන් වැඩි පිරිසක් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉගෙනුම ලබන දරුවන් බව ගොකරැල්ල පොලිසිය කියයි.
ඉබ්බාගමුව ප්‍රදේශයේ ඇඟඵම් කම්හලක සේවක පිරිසක් ප්‍රවාහනය කර ආපසු යමින් සිටියදී ඇඟළුම් කම්හලේ බසය අනතුරට ලක්වී ඇත.
ඇඟළුම් කම්හලේ බසයට දැඩි හානි සිදුව ඇති අතර සිසුසැරිය බසය මාර්ගය අසළවූ කුඹුරකට පෙරළි ගොස් ඇත.
සිසුසැරිය බසයේ රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුව බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
සිසුසැරිය බසයේ රියැදුරා ගොකරැල්ල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.ගොකරැල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



2025 දෙසැම්බර් මස 30
148
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
765
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාසල් බස් රථ අනතුරකින් සිසුන් 15කට තුවාල
Raveendra Friday, 07 June 2019 06:55 AM
අපේ රටේ තමයි ලෝකේ ඉන්න හොද හොද රියදුරු " මහත්වරු" ඉන්නේ. පේනවා නේද මොනතරම් විනීත විදියට රථය ධාවනය කරලා තියෙනවා ද කියලා. අප රටේ රියදුරන් 99.9999999% කිසිදු විනයකින් තොරව වාහන පදවන බව මෙය තවත් එක උදාහරණයකි. මම විතරයි පාරේ යා යුත්තේ ... මට විතරයි මාර්ගය අයිති... මෙවන් මගමරුවන්ට නිසි දඩුවම් නොදී වංක නිලදාරීන් බඩ පුරෝවා ගැනීම මෙයට බලපානා තවත් බයානක අතුරුපලයකි.
chandana Friday, 07 June 2019 10:05 AM
ඉක්මන් සුවය ලැබේවා!!!
Indika Friday, 07 June 2019 10:09 AM
බසයේ 80ට වැඩි සිසුවියන් හිටිය නිසා රියදුරු මල්ලි නංගිලට පේන්න වැඩදාන්න ඇති! මොඩකමනේ...!!!