IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පාස්පෝට් හදා දෙනවැයි කියා සල්ලිවලට විද්ද 4 ක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බත්තරමුල්ලේ  ඉසුරුපාය කාර්යාලයේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනිමට පැමිණෙන පුද්ගලයින්ට ඒ සඳහා උපකාර කළ හැකි බව පවසමින් රුපියල් දහස් ගණනින් මුදල් ලහත්කාරයෙන්ලබා ගැනීමේ සහ ව්‍යාජ ලේඛන සකස් කිරීමේ නිරතව සිටි බව කියන තැරැව්කරුවන් යැයි පැවසෙන පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (1) සැකපිට අත්අඩංගුවට ගත්බව තලංගම පොලිසිය පවසයි

ව්‍යාජ ලේඛණ  ලේඛණ සකස් කිරීම ඒ සඳහා මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීම සහ අන්සතු විදෙස් ගමන් බලපත්‍ර ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ මොවුන් සිව්දෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

අත්අඩංගුවට සැකකරුවන්  මාලඹේ වත්තල සහ කොළඹ 11 යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් යැයි පොලිසිය පවසයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් තලංගම පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති

ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට ගැවසෙන තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව තලංගම පොලිසිය පවසයි



අදහස් (1)

පාස්පෝට් හදා දෙනවැයි කියා සල්ලිවලට විද්ද 4 ක් මාට්ටු

CHANDIMA Friday, 03 February 2023 01:02 AM

එතකොට අර රට හදනවා කියලා ඇවිත් රටේම සල්ලිවලට විද්ද අය අර යස අපූරුවට ඉන්නේ පොලිස් ආරක්ෂාවත් ඇතිව...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site