IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාස්පෝට් ගන්න කැබිනට් අනුමැතිය ඉලන්න යයි

(නාමිණි විජේදාස)

විදේශ ගමන් බලපත්‍ර දෛනික නිකුත් කිරීමේ අනුපාතය අනුව දැනට මෙරට සතුව තිබෙන විදේශ ගමන් බලපත්‍ර 750,000 ක තොගය ලබන වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේදී අවසන් වීමට නියමිත බවත් ඉන්පසුව විදේශ ගමන් බලපත්‍ර තොග ලබාගැනීමට සුදුසුම ක්‍රමය යෝජනා කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් පැවැසෙයි.

විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නය “සැබෑ පටලැවිල්ලක්” වී ඇති අතර එමඟින් නව ටෙන්ඩරයක් කැඳවීම පවා ගැටලු සහගත වී ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පිළිගෙන ඇත.

විද්‍යුත් චිපය සහිත විදේශ ගමන් බලපත්‍ර 750,000 ක ප්‍රමාණය ලබාගැනීම සඳහා කැඳවූ ටෙන්ඩරයේ ප්‍රතිඵලය මේ වනවිට අභියාචනාධිකරණයේ අභියෝගයට ලක්ව ඇති බැවින් එම සැපයුම්කරුගෙන්ම තවත් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවාද යන්න ගැටලු සහගත යැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ගැටලුව සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාවට රැස්වීම් කිහිපයක් පැවැත්වුණු බවත් ඇතැම් රැස්වීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසුවේය. මෙම ගැටලුව අවධානය යොමුවිය යුතු සහ හදිසි කාරණයක් ලෙස රජය සලකන බවද ඇමැතිවරයා කීය.

 



අදහස් (2)

පාස්පෝට් ගන්න කැබිනට් අනුමැතිය ඉලන්න යයි

ජගත් ලියනගේ Monday, 16 December 2024 06:17 AM

මේ රජය, විදේශ ගමන්පත්‍ර වැඩේ අනාගන්නේ නැතුව ස්ථිර විසදුමක් දෙයි කියා බලාපොරොත්තු වෙනවා.

:       0       3

Lalla Monday, 16 December 2024 08:54 AM

එකකට වැඩිය සැපයුම්කරුවන් අවශ්‍යයි. නැතිව ඒකාධිකාරය නිර්මාණය වෙනවා. මෙතෙක් වූයේ එයයි. නිලධාරීන්ගේ කටවල්වලට ජරාව විදෙස්‌ගත සංචාර පුහුණුව වගේ දේවල් ඔබල නිහඬව තබනව...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site