IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පසුගිය මාස 4 ක කාලය තුළදී රන් මිල සියයට 21 කින් ඉහළට

Gold

 

වසරක පමණ කාලයක් නොවෙනස්ව පැවැති රන් මිල මෙම වසරේදී සියයට 21 කින් පමණ ඉහළ ගොස් ඇත.


මේ වසරේ ජනවාරි මාසයේදී දේශීය වෙළෙඳපොලේ කැරට් 24 රන් ග්‍රෑමයක මිල කටාර් රියාල් 131 ක් වූ අතර එය අප්‍රේල් මාසය අවසන් වන විට කටාර් රියාල් 157 දක්වා ඉහළ ගොස් තිබුණි. එසේම ජනවාරියේදී කටාර් රියාල් 122 ක් වූ කැරට් 22 රන් ග්‍රෑමයක මිල අප්‍රේල් මාසය අවසානයේදී කටාර් රියාල් 148 දක්වා ඉහළ ගොස් ඇත.


රන් මිල මෙසේ ඉහළ යාමෙන් ගනුදෙනුකරුවන්ට බලපෑම් එල්ල වී තිබේ. 


“ගනුදෙනුකරුවෝ වර්ග දෙකක් ඉන්නවා. එක් පිරිසක් රන් භාණ්ඩ මිලට ගන්න එක කල් දමලා රන් මිල අඩුවෙනකම් බලා ඉන්නවා. අනෙක් පිරිස හිතන්නේ ඉදිරියේදී රන් මිල තවත් ඉහළ යා හැකි නිසා මේ අවස්ථාවේදී රන් භාණ්ඩ මිලට ගන්න එක හොඳයි කියලා” යනුවෙන් පවසන්නේ දෝහා නුවර ස්වර්ණාභරන අළෙවිසැළක කළමනාකරුවෙකි.


“කටාර් හි රන් මිල තීරණය වෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළ අනුවයි” ඔහු වැඩි දුරටත් පවසයි. “ඒ නිසා දේශීය වෙළෙඳපොලේ රන් මිල රඳා පවතින්නේ ගෝලීය රන් මිල මතයි. මොකද මෙහේ රන් මිල ජාත්‍යන්තර වෙළෙඳපොළට විශේෂයෙන්ම ලන්ඩන් රන් වෙළෙඳපොළට සම්බන්ධ කරලා තියෙන්නේ” 
මෑතකදී කැරට් 24 රන් ග්‍රෑමයක් කටාර් රියාල් 156.50 කටත් කැරට් 22 රන් ග්‍රෑමයක් කටාර් රියාල් 147.50 කටත් අළෙවි විය.


පසුගිය මාස 4 ක කාලය තුළ රන් මිල සීග්‍ර ලෙසින් ඉහළ ගියේය. මෙම ඉහළ යාම පසුගිය ජනවාරියේදී ආරම්භ වූ අතර එවිට වසරේ පළමු මාසයේදී කැරට් 22 රන් ග්‍රෑමයක මිල කටාර් රියාල් 128.50 සීමාවට ළඟා විය. පසුව එය පෙබරවාරියේදී කටාර් රියාල් 142 ක්, මාර්තුවේදී කටාර් රියාල් 145 ක් සහ අප්‍රේල් මාසයේදී කටාර් රියාල් 148 ක් දක්වා ඉහළ ගියේය.



අදහස් (0)

පසුගිය මාස 4 ක කාලය තුළදී රන් මිල සියයට 21 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site