
(අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පාස්කු වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවද ජනාධිපතිවරයා කීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ අද (06) මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.
අනතුරුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡාවකට එක් වූ අතර පාස්කු ප්‍රහාරයේ වින්දතයින් ලෙස ඔවුන්ගේ ගැටලු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබිණි.
මැල්කම් කාදිනල් රංජිත්කොළඹ අගරදගුරු තුමන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
ගුණේ Sunday, 06 October 2024 05:57 PM
අපේ හාමදුරුවනේ, පේනවා නේද රට පාවා දෙනහැටි NGO කාරයින්ට...!
randil dunuwilleMonday, 07 October 2024 10:07 AM
ngo කාරයන්ට ද බෝම්බ ගැහුවේ
යෝගා Sunday, 06 October 2024 06:13 PM
මෙයා විතරක් නෙමෙයි, ඊළඟට පත්වෙන ජනාධිපතියි, ඊටත් පස්සෙ පත් වෙන ජනාධිපතියි ඔය පරීක්ෂණ කරයි. ඒත් මහ මොළකරුවා නම් කවදාවත් අහුවෙන්නේ නෑ...
Dhammathilaka Sunday, 06 October 2024 07:41 PM
1971 කාලයේ ඒවා බැරි නම් 88-89 කාලයේ සිදුවීම් නිසා පීඩාවට පත්වෙලා හිටපු අයටත් යුක්තිය ඉටුකිරීමට කටයුතු කරන්න...
randil dunuwilleMonday, 07 October 2024 10:06 AM
සජිත් ආවානම් කරයි තාත්තා කරපුවා නේද
Rukmal D Monday, 07 October 2024 06:13 AM
පෝචුගීස් අල්මේදලා මේක දේශපාලකයින්ගේ බෙල්ලේ බඳින තොරොම්පුවක් වෙලා… පරගලය පස්සේ හිටපු පරයෝ….
Tony Silva Monday, 07 October 2024 06:17 AM
මේ ප්‍රශ්නෙ විසදන්න. මෙච්චරයි ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ
Asanga thiththagalla gamage Monday, 07 October 2024 10:18 AM
ලන්කාවේ තව කොච්චර ඛේදවාචක වුණාද? මේ පාස්කුව තවම ඉවර නැත. අපේ බෞද්ධ තැන් කීයකට ප්‍රහාර කරාද ජීවිත කීයක් නැති වුණාද? ඇයි මේ මේක පස්සේම එලවන්නේ. අහිංසක ජීවිත නැති වුණාට අපේ කණගාටුව පල කරනවා. මේ සේරම NGO නඩ.