(යොහාන් භාසුර)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාගැනීමට 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හෙට (02) පෙරවරුවේ කැඳවීමට නියමිතය.
එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවසුවේ සංගක්කාර හෙට පෙරවරු 9.00 ට කැඳවීම සඳහා මේ වන විට ලිපිය සකස් කරමින් සිටින බවයි.
“කුමාර් සංගක්කාර ඒ කණ්ඩායමේ නායකයා නිසා ඔහු විශේෂ පුද්ගලයෙක්. ඒ නිසා සංගක්කාර මහතාත් කැඳවීමට අපි තීරණය කළා” යැයි ෆොන්සේකා මහතා වැඩි දුරටත් පැවසීය.
එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංගගෙන් ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (01 වැනිදා) පෙරවරුවේ පැය තුනක් ප්‍රකාශයක් ලබාගත්තේය.
පුස්තකාල ඡායාරූපය(ශාන්ත රත්නායක)
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොලිස් විමර්ශන ඒකකය සංගක්කාරවත් කැඳවයි
sena Wednesday, 01 July 2020 08:40 AM
තුට්ටු දෙකේ දේශපාලන වාසි ගන්න.. දේශපාලකයෝ ඡන්දෙ කාලෙට කරන ප්‍රකාශ නිසා මේ ක්‍රීඩකයින්ට කරදර කිරීම වැරැදියි.
KooralageWednesday, 01 July 2020 09:34 AM
සේන මේකේ යටි අරමුණ ඔයා දන්නවාද? කුමාර සංගක්කාර අයිසීසී සභාපති ධුරයට පත්වීම වැළැක්වීමට මහින්දානන්ද කුමන්ත‍්‍රණයක ඉන්නේ...මේ ක්‍රමන්ත්‍රණය කරන්නේ මේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයින්ගේ කීර්ති නාමය විනාශ කරන්න. මහා සහගහන අපරාධයක් මේක...
mohomed Wednesday, 01 July 2020 10:04 AM
හදවතින්ම ආදරය කරන ක්‍රීඩකයෙක් සංගා, මහේල වැනි පිරිසිදු ක්‍රීඩකයින්ට හොර දේශපාලකයින් චෝදනා කිරීම අනුමත කරන්න බැහැ.
Mahesh Wednesday, 01 July 2020 09:05 AM
මහින්දානන්ද කිව්වේ ක්‍රීඩකයෝ සම්බන්ධ නෑ කියලනේ දෙවෙනි සැරේට ඇහුවාම. ඇයි සුමතිපාලව, අවසන් මහා තරගය බලන්න ගිය මහින්දව ගෙනත් ප්‍රශ්න කරන්නේ නැත්තේ... පිට්ටනිය හදන්න එපා කිව්ව නිසා ඒකේ පලිය තමයි මහින්ද මහත්තයා මේ ගන්නේ... රනිල් එක්කම ගෙදරම අරින්න ඕනෑ.. මහින්ද මහත්තයාවත්... නැත්නම් මේ රට හදනවා බොරු...
rihan Wednesday, 01 July 2020 09:19 AM
මෙහෙමත් රටක්... රටක කීර්ති නම ලැබුණු වීරයින්ටත් නිදහසේ හුස්ම ගන්න බැහැ.
PereraThursday, 02 July 2020 12:05 AM
රාජපක්ෂලාගේ වැඩ වලට අකුල් හෙලුවොත් ලෙඩේ තමයි.
බද්රානි Wednesday, 01 July 2020 09:22 AM
වැදගත් මහත්වරු වගේ ජීවත් වෙන්න ගියාම පොලිසි ගානේ රස්තියාදු වෙන්න සිදුවෙන එක අමුතු දෙයක් නෙමේ... සංගක්කාර මහත්තයෝ. වාචාලයින් කියන කතාවකට පවා ඒ සමාජයේ ලොකු වටිනාකමක් තියනවා. පාසල් කාලෙදී වත් ක්‍රිකට් පිත්තක් අතින් අල්ලලා නැති අයට, පහුකාලේදී, ක්‍රිකට් පුටුවල ඉඳගන්න ලැබුණාම ඕවා ඔහොම තමයි. ක්‍රිකට් මැච් කවුරුවත් සද්දයක් නැහැ මේවාට...
ම. සිරා Wednesday, 01 July 2020 10:39 AM
මේ දේශපාලනය කරන අය පුදුම කරදරයක් ක්‍රීඩකයින්ට කරන්නේ... ලංකාවේ එකම පිළිගැනීමකට පත්වෙච්ච ක්‍රීඩාව ක්‍රිකට්... ඒකත් නැතිකරලා දානවා...
rana Wednesday, 01 July 2020 10:54 AM
මෙවැනි අමන වැඩ නිසාම තවත් ක්‍රීඩකයින් හදවතින්ම ලංකා මාතාව වෙනුවෙන් ක්‍රීඩා කරයිද?
Sarath Silva Wednesday, 01 July 2020 11:42 AM
මේ අපේ පුංචි රට ගැන ලෝකයා කතා කරන්නේ, ගෞරව කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. එයට දායකව කීර්තිමත් ක්‍රීඩකයින් අපරාධ අංශවලට කැඳවා ඔවුන්ව මානසිකව පීඩනයක් ඇතිකිරීමට ආණ්ඩුවේ ක්‍රියාකලාපය ඉතාමත්ම නින්දිතයි. හොරුන්ට හොරකම් කිරීමටත්, ඒ හොරුන් රැකගැනීමත් රජපක්ෂ පවුල් දේශපාලනයේ අපි හැමදාම දැක්ක දෙයක්... මෙවර මැතිවරණයේදී මේ තක්කඩියන් ගෙදර යැවීමට වග බලා ගන්න..
කෝසල ආදිහෙට්ටි Wednesday, 01 July 2020 04:39 PM
හැබැයි එදා 2011 මැච් එක බලද්දීම මට හිතුණා. සංගක්කාර විකට්ටුව පිටුපස සිට ලෙහෙසි උඩපන්දු අත් හැරියා.., බෝක්කු පිට බෝක්කු බයිස් ඇරියා.
Mahesh Wednesday, 01 July 2020 07:44 PM
මෝඩ දේශපාලකයෝ අපේ මාතෘ භූමියේ ප්‍රතිරූපය විනාශ කරයි. අප ලෝකයේ ජනප්‍රිය වීමට හේතුව, ක්‍රිකට් ක්‍රීඩාව හැර වෙනත් හේතුවක් නැත.