(රංජන් කස්තුරි)
දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිඳු නිලධාරියෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් නොකරන අතර එම සියලු දෙනා පිළිබඳව වගකීම තමා බාර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීම අද (07) පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බවද එහිදී ජනාධිපතිවරයා කියා තිබේ.
අපේ‍්‍රල් 21 වන දා සිදුවීමට අදාළ නඩු 05ක් මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර, එවන් අවස්ථාවක තේරිම් කාරක සභාවත් පත්කර කටයුතු කිරීම, එම ශ්‍රේෂ්ඨාධිකරණ කි‍්‍රයාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත්, ජනාධිපතිවරයා ලෙස තමා එය කථානායකවරයාට ඉදිරිපත් කර තිබෙන අතර, ජනාධිපතිවරයා විසින් යොමු කරන එවන් ලිපි ලේඛන පාර්ලිමේන්තුව ආරම්භයේ දී සාම්ප‍්‍රදායානුකූළව කතානායකවරයා විසින් ඉදිරිපත් කළ යුතුව ඇති නමුත්, කථානායකවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කිසිදු ප‍්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳ තමා කනගාටුවන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ උසස්වීම්වලට අදාල ව සකස් කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳව ද එහිදී අවධානය යොමු කෙරුණු අතර, එම උසස්වීම්වලට අදාළව යොමු කළ යෝජනාවලිය පොලිස් කොමිසම විසින් අනුමත කිරීමෙන් අනතුරව මේ වන විට වැටුප් කොමිසම වෙත යොමු කර තිබෙන බවද, ඔවුන්ගේ ද අනුමැතිය යටතේ හැකි ඉක්මණින් කාණ්ඩ 03ක් යටතේ එම උසස්වීම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා තිබේ.
විශේෂ කාර්ය බලකායට නව භටයන් බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය සහ අවි ආයුධ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා වූ අතර, විෂ මත්ද්‍රව්‍ය මැඩැලීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය ද එහිදී සමාලෝචනය කර ඇත.
21 වනදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට අදාළ මෙහෙයුම්වල දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 25 බැගින් මුදල් ප‍්‍රදානයන් ලබාදීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
එමෙන් ම සයින්දමරුදු ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් රැදී සිටි ස්ථානය පිළිබඳ දැනුම් දුන් මුස්ලිම් ජාතිකයන් තිදෙනා වෙත ද ලක්ෂ 10 බැගින් මුදල් පරිත්‍යාග කිරීමද එහිදී සිදු කෙරිණි.
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පොලිස් නිලධාරීන් රැකගැනීමට ජනපති ඉදිරිපත් වෙයි
upula Friday, 07 June 2019 03:49 PM
ඔවුන්ට අබ සරණයි
සෙනෙවි Friday, 07 June 2019 03:57 PM
පොලීසියේ අය රකින්න එ්ක හොඳයි. එ්ත් තමන්ගේ වගකීම පැහැර හැරීම එ් එක්කම වැහිලා යනවා නම් එය අනුමත කළ නොහැකිය. කවුරු වගකීම පැහැර හැරියද කියන එක ජනතාව දැනගැනීමේ වරද කුමක්ද? තමුන් පත්කළ කොමිසමින් එහෙම නොවෙනවද? කොමිසමේ වාර්තාව හෙළි නොකරන්නේ කුමක් නිසාද?
Bamunuarachchi Friday, 07 June 2019 04:17 PM
නැතුව තේරීම් කාරකසභාවට දෙන සාක්ෂි තමන්ට අවාසිදායක නිසා නොවෙයිද?
ජයන්ත මිලානෝ Friday, 07 June 2019 04:20 PM
එහෙම කරන එක හොඳයි. මොකද ඉහළම පොලිස් ලොක්කා ඇවිත් සායම ඇරලා හොඳටම හෝදන කොට ලැජ්ජා ඇති...
RashmithaFriday, 07 June 2019 08:15 PM
ඔය කාරක සභාවේ ඉන්න අයට තියෙන අයිතිය මොකද්ද බුද්ධි අංශ ගෙන්නල ප්‍රශ්න කරන්න.
dhammika perera Friday, 07 June 2019 06:28 PM
තමුන්නාන්සේගේ කෙරුවාව එළිවෙනකොට ලැජ්ජා ඇති. තමන්ව ජනාධිපති පුටුවේ තිබ්බ ආණ්ඩුවටම පහරගහපු ගුණමකුවෙකුගෙන් රටකට මොනවාද බලාපොරොත්තු වෙන්න පුළුවන්. ආණ්ඩුව රට වෙනුවෙන් මොනවා කරන්න හැදුවත් හැම වෙලාවේම ඒකට එරෙහි වෙච්ච කෙනෙක්... ඉක්මනටම චුත වෙලා යන්න... !
Chanak los angeles Friday, 07 June 2019 08:59 PM
තොරතුරු දැනගැනීමේ අයිතිය නවත්වන්න බැහැ.
Dayan Saturday, 08 June 2019 03:57 AM
නායකයා බුද්ධිමත් කල යටත් සියලු දෙනාම ආරක්ෂා වේ. නැත්නම් කවුරුත් අනතුරේ.
lalithm Saturday, 08 June 2019 08:49 AM
හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් වග කිවයුතු අය හෙළිදරව් කලානේද? ඉතින් දැනට වැඩ කරන අයගෙන් ගන්න තොරතුරක් තියනවද?
Don Sunday, 09 June 2019 02:35 AM
පොලිසියේ හිටපු ඉහළම නිලධාරියාට සලකපු හැටි එයාගේ ප්‍රකාශවලින්ම කියවුණා. අනිත් අය ගැන කවර කතාද? තමන්ගේ හිත දන්නවා, ජාතික ආරක්ෂාව ගැන තමන් කොපමණ මෝඩ රාළ කෙනෙක්ද කියා.
nalaka Sunday, 09 June 2019 05:30 AM
දැන් මේ රටේ ඉන්නේ ගොඩක් හිතන්න පුළුවන් ජනතාවක්... රටේ ජනාධිපති වුණාම මීට වඩා වගකීමෙන් වැඩ කරන්න. අපි පෞද්ගලික අංශයේ සේවකයන් විදිහට අපිට පවරපු වැඩ හරියට වගකීමෙන් කරනවා.
thilak Monday, 10 June 2019 09:02 AM
පොලිස් නිලධාරින්ට තියෙන ආදරේට නෙමෙයි, එයාලත් ඇත්ත කිව්වේත් මෙයාගේ රෙදි ගැලවෙන නිසාදෝ මන්දා..