
(ගයාන් සූරියආරච්චි සහ ඉන්දිකා රාමනායක)
රථවාහන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලෙස ගෙවීමට තිබූ රුපියල් 192,400 ක මුදලක් නිලධාරින්ට නොගෙවා ව්‍යාජ සටහන් හා අත්සන් යොදා වංචා කළ බව කියන මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනියගේ වැඩ තහනම් කළ බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක්වී ඇත්තේ මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ කාන්තා පොලිස් පරීක්ෂිකාවකි.
ඉකුත් 2023 වසරට අදාලව මීගමුව පොලිසියේ රථවාහන නිලධාරීන්ට දෙසැම්බර් මාසයේ ගෙවීමට තිබූ රථවාහන ත්‍යාග මුදල් මෙම නිලධාරිනිය විසින් නොගෙවා ව්‍යාජ සටහන් සහ අත්සන් යොදා එම මුදල් වංචාකර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වීඇති බව පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මගින් සිදුකළ විමර්ශනවලදී ඇය එම මුදල් වංචා සහගතව ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
එම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් එම නිලධාරිනියගේ වැඩ ඊයේ(12) සිට තහනම් කිරීමට කටයුතු කළ බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් ත්‍යාග මුදල් සොරා කෑ පොලිස් නෝනාගේ වැඩ තහනම්
Negombo kollo Thursday, 14 November 2024 05:59 AM
ඇතුලම හොරු අපිට කොහද පිළිසරණක්
sam Thursday, 14 November 2024 06:17 AM
හොයලා බලන්න මේ ගැනු කෙනා රාජපක්ෂ කෙනෙක්ද කියලා...විකමසිංහ කෙනෙක්ද කියපා කට්ටියට ඕක සුලු දෙයක්