IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පොලිස් ජීප් රියෙන් පැන්න සැකකරු මිය ගියැයි එස්:අයි ගේ සහ සැරයන්ගේ වැඩ තහනම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු  පොලිස් ජීප් රථයෙන් පැන  තුවාල ලබා රෝහල් ගතකර  සිටියදී  මියයාම සම්බන්ධයෙන්  පානදුර උතුර පොලිසියේ උප  පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ  සැරයන්වරයෙකුගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි  තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක් පුද්ගලයෙකි 

නිරෝධායන නිති සහ සංචරණ  නීති කඩකිරීම සම්බන්ධයෙන්  ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව  සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී ජීප්රියේ පිටුපස දොර විවෘත කරගෙන ධාවනය වෙමින් තිබූ ජීප් රථයෙන්  බිමට  පැන ඇතැයි  උප පොලිස් පරීක්ෂක වරයා සහ  සැරයන්වරයා පවසා තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සැකකරුවෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම නිලධාරින් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර නොමැති බව පෙනී ගොස් ඇති බැවින් වැඩ තහනම් කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා  සඳහන් කළේය.

ඊට අමතරව පොලිස් අධිකාරීවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් විනයානුකූලව  කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා  පැවසීය

මීට අමතරව මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය  පැවැත්වීම  අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මගින් පවත්වා  එම කටයුතු සිදු කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු  ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත්කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා  පැවසීය.

                                

 



අදහස් (9)

පොලිස් ජීප් රියෙන් පැන්න සැකකරු මිය ගියැයි එස්:අයි ගේ සහ සැරයන්ගේ වැඩ තහනම්

allah wiop Monday, 07 June 2021 09:37 AM

කිරි අප්පට බල්ලො පැනපි...!!! 

:       0       35

Nishantha Monday, 07 June 2021 10:03 AM

එතකොට සැකකරුවො ආයුද පෙන්නන්න එක්කගෙන ගිය පොලිස් කට්ටියගෙත් වැඩ තහනං කොරාද ?

:       40       42

සමිත සේනක අලුත්ගමගේ. Monday, 07 June 2021 11:34 AM

හිතෙනා හැටියට මේ මනුෂ්‍යයා හොඳටම බයවෙලා වගේ තමයි ඉඳලා තියෙන්නේ.... ඒකයි මේ විදිහට පැන තියෙන්නේ. පොලීසියට වගකියන්නට වෙන්නේ මේ සුළු වරදට ගත් මනුස්සයාගේ මියයාම ගැන... මොකක් හරි බහින්බස් වීමක් දුරදිග ගොස්, යාන වාහනයෙන් බිමට තල්ලුකරා වෙන්නට නම් බැහැ වගෙයි පේන්නේ. ඒත්, සිදුවූ දේ කියන්න ඔහු අද ජීවතුන් අතර නැහැ. මේ දෙන්නාගේ වැඩ තහනම් වුණේ මියගිය අයගේ කටඋත්තරේ කොහොමද දන්නේ නැහැ. බලමු ඉදිරියට වෙන්නේ මොනවද කියලා...?

:       1       84

pj Monday, 07 June 2021 12:39 PM

නායකයින් කොරෝනාව පැත්තකින් තබා තමතමන්ගේ බලය රැකගැනීමටම ප්‍රමුඛත්වය දුන් නිසාම අද රටේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතියි. කොරෝනා මැඩපවත්වා ගැනීමට අපොහොසත් වූ ජනාධිපති ඇතුළු පවතින ආණ්ඩුවේ නායකයින්ගේ වැඩ තහනම් වන්නේ නැතිද?

:       15       20

Nihal Monday, 07 June 2021 01:12 PM

ආයුධ පෙන්වන්න අරන් යන සැකකරු ගැන සොයාබැලීම පොලිස් නිලධාරීන්ගේ වගකීමක් නොවෙයිද?

:       2       21

Susantha Monday, 07 June 2021 01:22 PM

කුරුණෑගල නගරාධිපතිට... කේක් කවපු පොලිස් ලොක්කාගේ නම් වැඩ තහනම් කළේ නෑ...

:       0       21

චාමර Monday, 07 June 2021 02:05 PM

තල්ලුවක් දාලා මරලාද දන්නේ නැහැ...

:       5       15

mohomed Monday, 07 June 2021 03:34 PM

මේ මනුස්සයා පැනල නම් වෙන්න බැහැ

:       0       1

Prasanka Tuesday, 08 June 2021 01:02 AM

මදූෂ් එක්ක ගිය අයට මුකුත් කළේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site