IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිස් අනංගයෙක් ගැන හොයයි

පොලිස් කාන්තාවන්ට නිතර හිරිහැර කරන බව කියන නැගෙනහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකු ගැන වහා පරීක්ෂණයක් කර දෙසතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස   නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී ආර් එල් රණවීර මහතාට නියෝග කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

එම විමර්ශනයේ දී අපරාධයක් සම්බන්ධයෙන් අනාවරණය වුවහොත් අපරාධ නීතිය යටතේ ද වෙනමම විමර්ශනයක් සිදු කරන ලෙස ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දන්වා තිබේ.

එම උසස් පොලිස් නිලධාරියාගේ හැසිරීම නිසා විමර්ශනයට බාධා සිදුවේනම් ඔහු ස්ථාන මාරු කිරීමට පියවර ගන්නා  බව ද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

පොලිස් නිලධාරීන් පිරිසක් පොලිස් කොමිෂන් සභාවේ සභාපති අමතා යවන ලද පෙස්සමක පිටපතක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට ලැබීමෙන් පසු මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම උසස් පොලිස් නිලධාරියා එම ප්‍රදේශයට ස්ථාන මාරු ලැබ පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර මාසයේ දී බවත්, පොලිස් විශේෂ කාර්ය බළකායේ සිටි පොලිසියේ දෙදෙනකු ද සමග ඔහු කාන්තාවන්ට බලපෑම් කරන බවත්, ඔහුගෙන් රාත්‍රියට දුරකතන ඇමතුම් හා එස්එම්එස් එන නිසා ඇතැම් පොලිස් කාන්තාවන් දුරකතන අංක වෙනස් කිරීමට පවා පියවර ගෙන තිබෙන බවත් එම පොලිස් නිලධාරීන් පිරිස  යොමු කළ පෙත්සමේ සඳහන්ය.

අප්‍රේල් හතර වැනි දා පොලිසියක පැවැති මාසික පරීක්ෂණයක දී මෙම උසස් පොලිස් නිලධාරියා තම ඉන පටිය හා උර පටික ගලවා පොලිස් කාන්තාවක් අතට දී ඇති බව ද, ඒ සිද්ධියේ දී එම පොලිස් කාන්තාව දැඩි අපහසුතාවට පත්වී ඇති බව ද එහි දැක්වේ.

එම නිලධාරියා හදාරණ පාඨමාලාවකට අදාළ ව්‍යාපෘති කිහිපයක් පොලිස් කොස්තාපල්වරයකු ලවා සකසාගෙන පොලිස් කොස්තාපල්ගේ වියදමින් මුද්‍රණය කරවා ගත් බව කියන සිද්ධිය ගැන ද පරීක්ෂණ කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

පොලිස් අනංගයෙක් ගැන හොයයි

තාබුක් සිල්වා Tuesday, 19 April 2016 01:09 PM

මේ වැනි සමාන සිදුවීමක් නැගෙනහිර පළාතේ බාරව කටයූතු කරන සමයේ අපේ නව පොලිස්පති තුමා පොලිසියේ නිලධාරියෙකුට අමතක නොවෙන පාඩමක් දුන්න බවනම් මගේ මතකයට නැගෙනවා! මෙතුමා සාධාරණය අකුරටම ඉස්ට කරන බව ඉර හද වගේ විශ්වාසයි (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 19 April 2016 01:11 PM

මේ දේවල්වලින් අපහසුතාවයට පත්වෙන්නේ පවුලේ උදවිය.ඉන පටිය, උර පටිය ගලවල දෙන්න තරම් අනංගයා නිවට වෙලා. (බ)

:       0       0

සංජය Tuesday, 19 April 2016 03:41 PM

ඕව ඇත්ත නම් ඔය උණහපුලුවට ඉහලම දඬුවම් දෙන්න (බ)

:       0       0

සොපි Tuesday, 19 April 2016 05:15 PM

තනතුරක් තිබුණට අධ්‍යාපනයක් නැතුව ඇති (නි)

:       0       0

යොහාන් Tuesday, 19 April 2016 05:58 PM

අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සමන්ත Tuesday, 19 April 2016 12:02 PM

උසස් පොලිස් නිළධාරින් හිතන්න ඕනි තමන්ටත් බිරිද, දරුවෝ ඉන්නවා කියලා.මොවුන් පොලිස් කාන්තාවන්ටත් හිරිහැර කරයි නමි පොලිසියට සාධාරණය පතා එන කාන්තාවන්ට මොනා කරයිද? නව පොලිස් පති තුමනි අනිවාර්යයේන්ම මේකට පියවරක් ගත යුතුයි. (හේ)

:       0       0

නෙවිල් Wednesday, 20 April 2016 02:17 AM

පොලිසියේ ඇතැම් නිලධාරීන් වැඩ කරන්නේ හිතුමතේ . අප්‍රේල් 17 වෙනිදා මම වාහනයේ ගමනක් ගිහින් එද්දී අබතලේ හරියේදී කිසිම හේතුවක් නැතුව මාව නවත්තලා මගෙන් වාහනේ පොත කෝ කියලා අහනවා. මම කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ වාහනේ පොත තියෙන්නම ඕනෑලු ළඟ. මගේ ගමන ප්‍රමාද වුණා විනාඩි 30ක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site