ඇඹිලිපිටිය නගරයේ තෙමහල් නිවසක පැවති සාදයකදී පොලිසිය හා ඇතිවු ගැටුමකින් පසු මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන මහතාගේ මරණයට සිදුවෙන අයුරු දුටු බව කියන නිමල් නම් තරුණයා සොයා දීමට ඔහුගේ පවුලේ අය දැන් වී යැයි රහස් පොලිසිය ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්‍දු මහතාට අද (16) දැනුම් දුන්නේ ය.
අධිකරණ නියෝගය අනුව ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඔහු පදිංචි නිවසට ගොස් සොයා බැලූ නමුත් ඔහු සොයාගැනීමට නොහැකිබව නිවැසියන් පැවසි යැයිද රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දුක ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.
පොලිස්පති නියමයෙන් නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පැවැත් වුනු පරීක්ෂණයේ දී කට උත්තර දුන් පොලිසියම රහස් පොලිසියට දුන් කට උත්තර වල පරස්පරයක් ඇතැයි රජයේ ජ්‍යෙෂ්ට නීතීඥ දිලීප පීරිස් මහතා අධීකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
656
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය දෙපිරිසකට දෙවිදිහකට කට උත්තර දීලා
රකිත Thursday, 17 March 2016 01:53 AM
අසාධාරණය වෙන්නේ සාමාන්‍ය මිනිහාටයි. අඩුගානේ සිසිටිවි කැමරාවක්වත් තිබිය යුතුයි. (නි)
තුසිත Thursday, 17 March 2016 03:12 AM
හිටපු පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු මැතිතුමාගේ යුගයේ පොලිසිය හොඳ විනයක් සහිතව පවත්වාගෙන යන්න හැකිවුණා. ඊටපසුව එම තනතුරට පැමිණි පුද්ගලයෝ පොලිසියේ විනය පිරිහෙන ආකාරයට කටයුතු කළා. එහි උච්ඡතම ස්ථානයකට අද වනවිට පැමිණ තිබෙන බව පේනවා.මෙය ඉතාමත් කණගාටුදායක තත්වයකි (නි)
සුසන්ත Thursday, 17 March 2016 03:19 AM
කෝ දැන් අර මාධ්‍ය ඉස්සරහා පරස්පර කතා කිය කියා බොරු රඟපෑම් කළ අය? දැන් වැඩේ එළිවේගෙන යනවා වගේ නේද? (නි)
පිටිගල Thursday, 17 March 2016 03:56 AM
අයියෝ! ඔය පොලිස් පතිකම ළමයෙකුට දෙන්න (බ)
බන්දුල Wednesday, 16 March 2016 01:53 PM
වැඩේ මාට්ටු වේවි කියලා බයට වෙන්න ඇති නේද.? (ර)
සුමිත් Wednesday, 16 March 2016 04:37 PM
පොලිස් රාජ්‍යයක් ළඟ එන ළකුණුද මේ? (නි)
දම්මික අබේකෝන් Thursday, 17 March 2016 07:10 AM
කන්න ඕන වෙනකොට කබරගොයත් තලගොයා වෙනවා කියල අහල නැත්ද ? මොනවා වුනත් ඇඹිලිපිටිය අහිංසක ජනතාව දන්නවා පොලිසියද කව්ද නිවැරදි කියල.කුඩ්ඩෝ, චන්ඩි ,ඇර. (බ)
කෝනාර Wednesday, 16 March 2016 10:32 PM
පොලිසිය දෙවිදියකට කටඋත්තර දුන්නා වගේම උස්පහත් බේද අනුව මිනිසුන්ට සළකන ආකාරයත් වෙනස් කළයුතුයි. මෙය වෙනස්කිරිමට නම් පැමිණිලි විභාග කරන තැන සිසිටිවි කැමරාව බැගින් සවිකරන්න. එතකොට කටඋත්තර පස්සෙ යන්නවත්, වෙනම පරික්ෂණ පවත්වන්නවත් අවශ්‍ය නැහැ. (නි)
නිල්හාන් අජිත් ජයවර්ධන Wednesday, 16 March 2016 11:22 PM
කැමරා දර්ශන අනුව පොලිසියේ ක්‍රියා කලාපය අධීක්ෂණය කරලා අදාළ නිලධාරීන්ගේ වැඩ තහනම් කලා නම් මීට වඩා සාධාරණය. (අ)