IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පැල්මඩුල්ලේ නායයෑම් බියක් : පවුල් 35ක් ඉවත් කරයි

පැල්මඩුල්ල පොරෝණුව ග‍්‍රාම නිලධාරී වසමට අයත් පොරෝණුව වත්ත උඩ කොටසේ අංක තුන ලයින් කාමරවල පදිංචි පවුල් තිස් පහක පුද්ගලයින් 130ක්  ඉරිදා (22) සවස එම ස්ථානවලින් ඉවත් කළ බව රත්නපුර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම ලයින් කාමර පිහිටි ස්ථාන 2014 නොවැම්බර් මාසයේ ගොඩනැගිලි හා පර්යේෂණායතනය කළ නිරීක්‍ෂණවලදී නායයාමේ අවදානම් සහිත ස්ථාන බවට හඳුනාගෙන ඇති ස්ථානයක් බවද එම මධ්‍යස්ථානය කියයි.

අධික වැසි දිනවල දී එතැනින් ඉවත්වන ලෙස පදිංචිකරුවන්ට දැනුම් දී තිබූන බවද ලයින් කාමර ආසන්නයේ පිහිටි ගස් කිහිපයක් ඉබේ ඉදිරි වැටුණ නිසා බියපත් වූ වැසියන් ඒ බව ග‍්‍රාම නිලධාරීවරයාට දැනුම් දීමෙන් පසු ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත වහාම ඔවුන් තාවකාලිකව ඉවත් කළ බවද කියති.

ඉවත්කළ පිරිස් දැනට පොරෝණුව දෙමළ විද්‍යාලයේ රඳවා සිටිති. 



අදහස් (0)

පැල්මඩුල්ලේ නායයෑම් බියක් : පවුල් 35ක් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site