IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලොන්නරුව සියයට 78යි

(නිමල් ජයරත්න)

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, පොළොන්නරුව, මින්නේරිය, මැදිරිගිරිය, යන ආසන තුනේ ඡන්ද මධ්‍යස්ථාන 292 ක් පිහිටා තිබූ අතර එම ඡන්ද මධ්‍යස්ථානවල සිට සියලුම ඡන්ද පෙට්ටි මේ වනවිට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ගණන් කිරීම මධ්‍යස්ථානය වෙත රැගෙන එමින් පවතින බව සුජන්ත ඒකනායක මහතා වැඩිදුරටත් කීය.

දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සවස 4.15 ට ආරම්භ කළ බවද හෙතෙම සඳහන් කළේය.

එහි ප්‍රතිඵලය රාත්‍රී 8 වනවිට පමණ ලබාදීමට හැකියාව තිබෙන බවත්, සාමාන්‍ය ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වීමට පෙර ලබාදීමට හැකියාව තිබෙන බවද සුජන්ත ඒකනායක මහතා වැඩිදුරටත් කීවේය.

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලීය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ චන්ද ගණන් කිරීමේ ශාලා හතළිස් අටක් පිහිටා තිබෙන අතර, ඉන් තැපැල් ඡන්ද ගණන් කිරීමට ශාලා 15 ක් ද, සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමට ශාලා 33 ක් යොදා තිබෙන බව ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

පොලොන්නරුව සියයට 78යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 160 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site