IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


ප්‍රා.ලේ.කො. 365 දක්වා වැඩි කිරීමට තීරණයක්

( තිළිණි ද සිල්වා )

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 365ක් දක්වා වැඩි කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

මේ වන විට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332ක් පවතින අතර  2020 වසරින් පසු එම කොට්ඨාශ සංඛ්‍යාව 365ක් දක්වා ඉහළ නැංවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව නුවරඑළිය, ගාල්ල, මහනුවර, මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට අලුතින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් එකතු වන බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියේය.

දිවයින පුරා පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332කට අදාළව නව ගොඩනැගිලි ඉදිකිරීම මේ වන විට සිදුකෙරෙන අතර එම කටයුතු ද 2020 වසර වන විට අවසන් කරන බවද ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කීය. 



අදහස් (3)

ප්‍රා.ලේ.කො. 365 දක්වා වැඩි කිරීමට තීරණයක්

ලුම්බිණි Sunday, 17 June 2018 02:04 PM

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 365ක් දක්වා වැඩි කිරීමත් සමගම මන්ත්‍රී සංඛ්‍යාව 1000 දක්වාද, පාර්ලිමේන්තු ආසන ගණන 700 දක්වාද , පළාත් සභා ගණන 480 දක්වාද පළාත් සභා මන්ත්‍රී ගණන 12000 දක්වාද වැඩි කලේ නැත්නම් ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න අමාරුයි නේ.

:       0       1

RaveendraMonday, 18 June 2018 01:18 PM

ලුම්බිණි මිය වෙත, ඔබ ඉතාමත්ම නිවැරදිය.

:       0       2

රවින් Monday, 18 June 2018 03:18 AM

දැනට තියන ඒවායින් මහා ජනයාට හරි හැටි සේවයක් වෙනවද? මහජනයා කොපමණ රස්තියාදු වෙනවද? ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ක්‍රමවේදය පිහිටුවන්න මුලිකවූ අරමුණු හරි හැටි සිදුවෙනවද කියල හොයල බලලා පමණක් අලුතින් ප්‍රා.ලේ .කෝ. පිහිටුවන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 190 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 540 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 294 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site