IMG-LOGO

පෙරහැරේ නටන එක මට අභියෝගයක් වුණා

2016-05-13-ent-07   

බිමල් ජයකොඩි, නමුත් ඔහු මේ දවස්වල අපට හමුවන්නේ සුබේ ගුරුන්නාන්සේ ලෙසිනි. දිගට දිගේ කොණ්ඩයක් වවාගත් ඔහු උඩරට නැටුම් කලාවේ ප‍්‍රවීණයෙකි. රාජකාරිය බුද්ධ පූජාවක් කරගත් පරපුරකින් පැවත එන සුබේගේ ප‍්‍රධානම රාජකාරිය දළදා පෙරහැරේ නැටුම් ඉදිරිපත් කිරීමය. වෙද පරම්පරාවකින් පැවැත එන රතී නම් යුවතියක හා සරණ බැදුණු මේ සුබේ ගුරුන්නාන්සේ මේ දවස්වල අපට හමුවන්නේ රිදී තිරයෙනි. සක්කාරං චිත‍්‍රපටයෙනි. සුබේ ගුරුන්නාන්සේගේ චරිතයට පණදෙන බිමල් ජයකොඩි අපි කැඳවීමු.

 

2016-05-13-ent-10සක්කාරං චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට ඔබට එක්වෙන්න ලැබෙන්නෙ කොහොමද?

ධර්මසේන පතිරාජ මහත්තයා එක්ක මම ගොඩාක් වැඩකරලා තියෙනවා. ඒ තාක්ෂණික ශිල්පියකු විදිහට. පස්සෙ කාලේ සහාය කැමරා ශිල්පියකු විදිහටත් වැඩකළා. මේ නිසා මගේ ගැන පතිරාජ මහත්තයා හොඳට දන්නවා.

එක දවසක් දා මට කිව්වා, බිමල්, සක්කාරං කියන නවකතාව අරගෙන කියවන්න කියලා.

මමත් ඉතිං සක්කාරං පොත අරගෙන කියවන්න පටන් ගත්තා. මට හිතුනෙම මට මේ පොත කියවන්න කිව්වෙ සුබේ ගුරුන්නාන්සෙගෙ චරිතය මට රඟපාන්න දෙන්නයි කියලමයි. ඉතින් මම බොහොම ඕන කමින් මේ සුබේ ගුරුන්නාන්සෙගෙ චරිතය අධ්‍යයනය කළා.

ඊට කාලෙකට පස්සෙයි පතිරාජ මහත්තයා මගෙන් ඇහුවෙ සක්කාරං කියෙව්වද කියලා. මං කිව්වා ඔව් කියලා. එතකොට කිව්වා සුබේ ගුරුන්නාසෙගෙ චරිතයට මං තෝරගෙන ඉන්නෙ බිමල්වයි කියලා. එදා මට ලොකු සතුටක් දැනුණා. පතිරාජ මහත්තයා වගේ දක්ෂ ප‍්‍රවීණ සිනමාකරුවකුගේ චිත‍්‍රපටයකට ප‍්‍රධාන චරිතයට රඟපානවා කියන්නෙ නළුවකුගෙ වාසනාවක්. මට පුදුම හිතුණා. මගේ වාසනාව ගැන. ඊට දින කීපයකට පස්සෙ මට සක්කාරං තිර පිටපත ලැබුණෙ.

 

සුබේ ගුරුන්නාන්සෙගේ චරිතය ඔබට පහසුවෙන්ම රඟපාන්න පුළුවන් කියලා හිතුවද?

කොහෙත්ම නැහැ. මම හිතුවෙම මේ චරිතය මට අභියෝගයක් වේවි කියලමයි. මොකද මාලගම්මන කියන සාම්ප‍්‍රදායික උඩරට ගම්මානයක ජීවත්වන පාරම්පරික නැටුම් ශිල්පියකුගෙ චරිතය ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ. එහෙම නැටුම් ශිල්පියකු ගැන හඳුනාගෙන සිටියා නම් මට ඒ චරිතය සැබෑ විදිහට රඟපාන්න තිබුණා. මේ නිසා මට ඒ චරිතය අභියෝගයක් වුණා.

 

නමුත් බිමල් ජයකොඩි, ඒ අභියෝගය ජයගත්තා?

ඔව්, මම ඒ අභියෝගයට මුහුණ දුන්නා. සක්කාරං නවකතාවෙන් වගේම තිර පිටපතෙනුත් මම සුබේ ගුරුන්නාන්සේව තේරුම් ගත්තා. ඒ වගේම පතිරාජ මහත්තයා මාව ඒ චරිතයට හැඩ ගැස්සුවා. අපේ අඩුපාඩු ඉවසමින් ඒ අඩු පාඩු හරිගස්සමින් පතිරාජ මහත්තයා චරිතයේ සැබෑ ස්වරූපය මතුකරගත්තා.

 

නමුත් කොතැනකදී හරි ඔබ අපහසුවට පත්වුණේ නැද්ද?

පත්වුණු තැනක් තිබුණා. ඒක තමයි දළදා පෙරහැරේ නටන එක. මම සති දෙකක් විතරම මේ උඩරට නර්තනය පුරුදු වුණා. ඒ වෙනුවෙන් පැමිණි නර්තන ආචාර්යවරයා මට හොඳින් නර්තනය කියාදුන්නා.

 

සුබේ ගුරුන්නාන්සේ වැඩිපුරම රඟපාන්නෙ ප‍්‍රසාදිනී අතපත්තු නමැති සිනමාවට අලූත් නිළිය සමග කොහොමද ඒ රඟපෑම්?

ප‍්‍රසාදිනී සිනමාවට අලූත් වුණාට ඇය පළපුරුදු දක්ෂ නිළියක්. ඇය වේදිකා රංගනය වෙනුවෙන් සම්මානත් ලැබූ කෙනෙක්. මේ නිසා ඇයත් එක්ක රඟපෑම මට කිසිම අපහසුවක් වුණේ නෑ. මගේ චරිතය හොඳට රඟපාන්න ඇය ලොකු සහායක් දුන්නා. ඇයත් එක්ක වැඩ කරන එක මට පහසුවක් වුණා.

 

සක්කාරං ඔබේ කීවෙනි සිනමා රංගනයද?

මගෙත් පළමුවෙනි රංගනය.

 

බිමල් විවාහ වෙලා ඉන්නෙත් ජනප‍්‍රිය නිළියක් සමග. කොහොමද ඔබේ පවුල් ජීවිතය?

අනේ අපි හොඳින් ජීවත්වෙනවා.

 

අන්තිමට කියන්න... සුබේ ගුරුන්නාන්සේට ලැබෙන ප‍්‍රතිචාර ගැන.

විවිධ ප‍්‍රතිචාර ලැබෙමින් තියෙනවා. ඒ ප‍්‍රතිචාර වලින් මම ආත්ම තෘප්තියක් ලබනවා. මට ප‍්‍රතිචාර දක්වන හැමෝටම ස්තූතියි.

 

ශකුවි

 

sandalla

 

2016-05-13-ent-09
2016-05-13-ent-06
2016-05-13-ent-05

 



අදහස් (0)

පෙරහැරේ නටන එක මට අභියෝගයක් වුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site