IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැරීසිය තෛපොංගල් සමරයි

අතීතයේ සිට අපේ ගොවියන් වපුරා නෙළා ගත් අස්වනු ප‍්‍රථමයෙන් බුදුන් හා දෙවියන් උදෙසා පුද පූජා පවත්වා ඉන්පසු සදහා ප‍්‍රයෝජනයට ගනී. ලාංකික සංස්කෘතියට අනුව නෙළා ගත් අස්වනු පූජා සදහා යොදා ගන්නා විශේෂ අවස්ථා විවිධ ප‍්‍රදේශ ඇසුරෙන් විවිධ නම් වලින් හැදින්වෙයි.

එය අලුත් සහල් මංගල්‍යය , මුරුතැන් පූජාව ආදි ලෙස අපේ වහරට එකතු වේ. ඒ හා සමානව දෙමළ ජාතිකයන් විසින් උත්කර්ෂවත් ලෙස පවත්වන එම පූජාව තෛපොංගල් ලෙස හඳුන්වනු ලැබේ.

දමිල වහරට අනුව වර්ෂයේ ප‍්‍රථම මාසය තෛ ලෙස හැදින්වෙයි.තමන් විසින් පිසින ලද කිරිබත් පොංගල් ලෙස හඳුන්වනු ලැබේ.

ඒ අනුව වර්ෂයේ ප‍්‍රථම මාසයේ දෙවියන් උදෙසා කිරිබත් පූජා කරන විශේෂ උත්සවය දෙමළ වහරට තෛපොංගල් ලෙස හඳුන්වන අතරම එය දෙමළ ජනතාව අතර ඉතාමත් ජනප‍්‍රිය වූත් පූජනීය ලෙස සලකන උතුම් වූ දේව පූජාවකි.

ප‍්‍රංශයේ වෙසෙන දෙමළ ජනතාව එම උත්සවය ජනවාරි මස 14 වැනිදා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුනාරත්න හඟවත්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදි පැවැත්විණි.

සියලූ දෙනා එකමුතුව එක රටක්  එකම ජාතියක් ලෙස ජීවත් වීමට නව වසරේ ආශිර්වාද කරන අතරම එලෙස ජීවත්වීම අද යුගයේ විශේෂ අවශ්‍යතාවයක් බවත් එය එසේ වීමට මෙලෙස සියලූම ශ්‍රී ලාංකිකයන් එකමුතුව ක‍්‍රියා කරනවා දැකීම සතුටට කරුණක් බවත් එම බැඳීම එකම ජාතියක් ලෙස සහෝදරත්වයෙන් අපි සියළු දෙනා එක්සිත්ව ශක්තිමත් කලයුතු බවත් එය අපේ වගකීමක් බවද එදින එකම දේශනය කළ ගරු තානාපති මහාචාර්ය  හඟවත්ත කීවේය.

පැරිස් ධම්ම චක්ක දහම් පාසැලේ ආචාර්ය හා තානාපති කාර්යාලයේ සෝමපාල විජේසිංහ මහතා විසින් එතුමාගේ දේශනය දමිල බසට පරිවර්තනය කළේය.

 

 



අදහස් (0)

පැරීසිය තෛපොංගල් සමරයි

නුවන් පියතිස්ස Wednesday, 15 January 2014 07:23 PM

බොහෝම හොද වැඩක්(දිල්)

:       0       0

සඳරුවන් ලන්ඩන් Wednesday, 15 January 2014 08:36 PM

ලන්ඩන් වලනම් නත්තල්ලුයි කයිවාරුයි විතරයි දැන්. කොච්චර වැඩ කෙරුන තැනක්ද ඉස්සර. අපරාදේ වෙච්ච දෙයක්. (අ)

:       0       0

සඳරුවන් ලන්ඩන් Wednesday, 15 January 2014 08:36 PM

ලන්ඩන් වලනම් නත්තල්ලුයි කයිවාරුයි විතරයි දැන්. කොච්චර වැඩ කෙරුන තැනක්ද ඉස්සර. අපරාදේ වෙච්ච දෙයක්. (අ)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 January 2014 09:44 PM

හිංදු අයටයි තෛයිපොංගල් උත්සවයටයි මගේ සුභ පැතුම්.(නදී)

:       0       0

රොහාන් දයාදර පැරිස් Thursday, 16 January 2014 04:01 PM

වර්ෂයේ ආරම්භය සුර්ය පොංගල් හා මකර සංක්‍රාන්තිය හෙවත් නැවුම් සහල් මංගල්ලය පවත්වූ ශ්‍රී ලංකා තානාදීපති කාර්යාලයේ මේ මෙහෙවර සියලු ජාතින් අතර සහජීවනය මින් පිලිබිඹු වේ. මෙය අදට ඉතා කාලෝචිතයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site