IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැරිසියේ අසිරිමත් සැදෑව

පැරීසියේ සිංහල භාෂාව ඉගැන්වීම සදහා ස්ථාපිත පාසැල් හී වර්ථමාන පරිනාමයට වටිනා ඉතිහාසයක් ඇත්තේය. අලංකාර ජනක , ශෝඛ ජනක, ඛේද ජනක, විශ්ම ජනක, සතුටු ජනක, විසුළු ජනක කථා පුවත් වලින් එම ඉතිහාසය පෝෂණයවී ඊට සමගාමීව පන්සල්, පල්ලි, හා වෙනත් ස්ථාන කේන්ද්‍ර කොට ශ්‍රී ලාංකික දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීම සදහා පාසැල් හා දහම් පාසල් පැරීසියේ බිහිවිය.

මෙහි ආරම්භක පුරෝගාමියෝ වුයේ ප‍්‍රංශයේ ශ්‍රී ලාංකා අධ්‍යාපනික හා සංස්කෘතියක කේන්ද්‍රයයි.

 ඒ අනුව දශකයේදී ප‍්‍රංශය නියෝජනය කළ හිටපු තානාපති මහාචාර්ය හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත එක් වු පැරීසියේ ශ්‍රීලාංකික සිංහල දෙමාපියෝ පිරිසක් මෙම සංවිධානය පණ නළ දුන්හ.

ඉතුරුවූ පිරිසක්  ඕසෝන් අධික වායු ගෝලයෙන් අදටත් ඔක්සිජන් සපයමින් කේන්ද්‍රය රැකගනිති.

සිංහල භාෂාව හා සිංහල සංස්කෘතිය මුලික කරගත් පාඨමාලාවක් මගින් ශ්‍රී ලාංකික දරුවන්ගේ මනස වර්ධනය කරමින් දැනට පවත්වා ගෙන යන කුඩා පාසලේ නත්තල් සැඳෑවක් පසුගිය සති අන්තයේ පැවැත් වුයේය.

සිංහල පාසලක නත්තල සැමරූ එකම පාසල එය වුයේය. එයද සුවිශේෂි අවස්ථාවකි. කැරොල් ගී, සිඟිති ගී, අතරට එක්වූ ගව ලෙනේ ක‍්‍රිස්තු උපත, දේශීය නර්තන, වලින් සැඳෑවට ආලෝකය ගෙන දුන්නේය. මාපියෝ, ආදරය, සාමය, එකමුතුකම මුසුකළ මියුරු ගී හඬ සැඳෑව ආදරයෙන් පිරි සතුටු කඳුලු ගැලූ සැඳෑවක් බවට පත් කළහ.

 පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ ශිෂ්‍යයෙක්වූ දැනට පැරීසියේ චායා වයිබ්‍රේෂන් වාදක කන්ඩායමේ  ඕගන් වාදක රඛිත සේනාරත්න, ගායක සරත් කුමාර, නැටුම් ආචාර්ණී දමිත‍්‍රි පීරිස්, ඡායාරූප ශිල්පී කල්ප චතුරංග යන පැරීසියේ දක්ෂම කලා එකතුවේ සාමාජිකයෝ එදින සැඳෑව නත්තල් කලා ප‍්‍රසංගයක් බවට පත් කළහ.

ගුණදාස කපුගේ ගයන අම්මාගේ  (රම්බණ්ඩා සෙනවිරත්න පද නිර්මාණය) ගීතය හා පියාණන්ගේ ගුණ ගීය එදින ප‍්‍රසංගයේ සියල්ලෝ සතුටු කදුළු පිරි දැසින් තම මෑණීයන් හා පියාණන් නැමැදුහ.කේන්ද්‍රයේ සංවිධායක රණවිර බන්ඩාර මහතාගේ පිලිගැනීමේ කථාව හා එහි ලේකම් අනෝමා කුමාරිහාමි මහත්මියගේ ස්තුති කථාව එදින ප‍්‍රසංගයට එක්වුයේය.

පාසලේ ප‍්‍රධාන ආචාර්ණී ජසින්තා බන්ඩාර මහත්මිය ප‍්‍රධාන ගුරුවරුන් හා පාසැලේ දෙමාපියන් එකතුවී සකස් කළ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයන්ද විය.

 

 

 

 

 

 

 



අදහස් (0)

පැරිසියේ අසිරිමත් සැදෑව

රොහාන් දයාදර පැරිස් Thursday, 09 January 2014 10:47 PM

කාලය,ශ්‍රමය,ධනය, අසීමිතව,කැපකොට ඔබ මේ කරන ජාතික මෙහෙවර ආත්ම ගනනක පුරුද්දක් විය හැක. ඉපදුන දේශය මව හා මවූබස අපේ ආත්මයයි. රණවිබණ්ඩාර සභාපතිතුමනි, ජසින්තා ප්‍රධාන ගුරුතුමිය ඇතුළු ගුරු භවතුනී, ඔබගේ මේ ජාතික මෙහෙවර සදා අමරණියවනු ඇත (දී)

:       0       0

දිනේශ නිශාන්ති පැරිස් Thursday, 09 January 2014 11:40 PM

දරුවන් රටක මල්, එම මල් වල සුවඳ නිසිලෙස සුළඟට මුසුකොට රටකට පලදායි මිනිසෙකු ජාතියට දායාද කිරීම මවු, පිය, ගුරු, දෙගුරු, වැඩිහිටි, පුජක, දේශය පාලනය කරන ඇත්තන්ගේ වගකීමකි, යුතුකමකි. අපේ හෙළ බස, අපේ දරුවන්ට නොමිලේ දන් දෙන ඔබතුමා, ඔබතුමිය, ඇතුළු පිරිස ජාතියේ භාෂා පහන් සිලුවයි.(නදී)

:       0       0

රංජිත් Thursday, 09 January 2014 05:04 PM

නිහඩ සේවයක් අගය කළ යුතු වැඩක්. අපේ ප්‍රණාමය.(නදී)

:       0       0

වතෝගල ධම්මික හිමි Thursday, 09 January 2014 05:06 PM

රණවීර බණ්ඩාර මහතා සහ ජසින්තා නෝනා කරන මෙම සේවාව අගය කල යුතුය. මමත් කාලයක් මෙම පාසලේ කටයුතු කල නිසා මටත් සතුටුයි. පැරිස් සිංහල පාසැල බොහෝ කල් දිනේවා. (නදී)

:       0       0

ශාන පැරිස් Friday, 10 January 2014 12:38 AM

පැරිසියේ සමාජ සේවකයෝ කියන්නේ කයිවාරු කාරයන්ට නෙමේයි. මේ වගේ ආදර්ශමත් රටට, ජාතියට, භාෂාවත්, දරුවන්ට ආදරය කරන මේ වගේ නිහතමාණිව කටයුතු කරන අයටයි.(නදී)

:       0       0

ලක්ෂිත=පරීසිය Friday, 10 January 2014 01:32 AM

අගයමි මගේ දරුවෝ ගිනියන්න බැරි වුනත්.(නදී)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 09 January 2014 05:48 PM

මේවා පිට රට සිටිනා අපට විනෝද වීමට හොඳ දේවල් ; හොඳට එදා විනෝද වුනා ; සංවිධායකයන්ට ස්තුතියි (අ)

:       0       0

අජිත් පැරිසිය Friday, 10 January 2014 03:06 AM

ප්‍රධාන ගුරුවරිය ඇතුළු ගුරු මණ්ඩලය දෙමාපියන් කරන කැපවීම අපි අගය කරන්නෙමු . ඔබලාට දිරිය ලැබේවා !(දිල්)

:       0       0

සත්‍යයා Friday, 10 January 2014 04:55 AM

රණවීර බණ්ඩාර සමාජ සේවයේ යෙදී සිටින්නේ 80 දශකයේ සිටයි. වැඩක් නැත්නම් ඔහු වැඩක් ඉල්ලගෙන හරි කරනවා. ඔබ සැමගේ උත්සාහයට අපගේ ප්‍රණාමය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site