IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පැරීසියට නව බුදු මැදුරක්

පැරිස් නුවර ප්‍රංස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නව විහාර මන්දිරයේ තැන්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ නේත්‍රා තැබීමේ පිංකම ගල්කිස්ස වටරප්පල බෞද්ධ මධ්‍යස්තානයේදී පැවැත්විණි.

1989 දී ආරම්භ කළ ප්‍රංස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යුරෝපයේ ථෙරවාද බුදු දහම ප්‍රචලිත කරවීම මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආගමික සංස්කෘතික සහ සාමාජිය අවශ්‍යතාවයන් සපුරාලයි.

ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මාධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ කැපවීම මත ශ්‍රී ලාංකික මෙන්ම අනෙකුත් විවිධ ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් මහල් තුනකින් සමන්විත නව විහාර මන්දිරයක් ගොඩනැගීමේ වැඩ කටයුතු දැනට අවසන් කර ඇත.

පසුගියදා ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති මෙම පිළිම වහන්සේලාගේ නේත්‍රා තැබීමේ පිංකම සඳහා මහා සංඝ රත්නය මෙන්ම සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගිවුහ.

පිංකමේ වැඩකටයුතු සංවිධානය කරනු ලැබුවේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති  දිවියාගහ යසස්සී හිමියන් විසිනි.

එදින උදෑසන 9 ට මහාසංඝ රත්නය පිළිම වහන්සේලා තැන්පත්කර තිබු ශාලාවට වැඩම කළහ.

මාපලගම බුද්ධසිරි හිමියෝ පිරිස පංච ශීලයෙහි පිහිටවුහ.

මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ දර්ශනීය පිළිම වහන්සේලා තුන් නමට නේත්‍රා තැබීණි.

බුදුරජාණන් වහන්සීටත් මහා සංඝ රත්නයටත් නමස්කාර කිරීමෙන් අනතුරුව මුර්ති ශිල්පියා නේත්‍රා තැබීය.

නේත්‍රා තැබීම අවසන් වූ පසු  පරවාහැර චන්දරතන නාහිමියෝ මෙම පිංකමෙහි අරමුණත් ඒ සඳහා පැමිණි ගමන් මගත් පැහැදිලිකරමින් අනුශාසනා කළහ.

විහාර මන්දිරය ගොඩනැගීම සහ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඇඹිමට ධනපරිත්‍යාගයෙන් සහ ශ්‍රමදානයෙන් සම්මාදම් වූ සහ නන් අයුරින් උදව් උපකාර කල සියලුම දෙනාටත් ප්‍රධාන ප්‍රතිමා වහන්සේලා පරිත්‍යාග කළ හෙවවාලඳනගේ යුවළටත් පුණ්‍යානුමෝදනා කළහ.

තමන්වහන්සේ ප්‍රංශයට වැඩමකළ මුල් අවධියේ සිට ඇසුරු කළ  හබරකඩ ඉන්දරතන හිමියන් මෙන්ම ආචාර්ය ආනන්ද ගුරුගේද  ඒ හිමියන්ගේ ද කෘතඥතා පුර්වකව සිහිපත් කළහ.

නේත්‍රා තැබීමේ පිංකම සංවිධානය කිරීම සඳහා විශේෂ කැපවීමකින් කටයුතු කළ ජේෂ්ඨ අමාත්‍ය ලේකම්, පරවාහැර පුණ්‍යභාරයේ ලේකම් මහින්ද මඩිහේහේවා සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල විශාල පිරිසක් සහභාගී වූහ. ඔවුහු බුද්ධ ප්‍රතිමා වහන්සේලාට ප්‍රථම බුද්ධ පුජාව ද පවත්වනු  ලැබුහ.

 

 

 



අදහස් (0)

පැරීසියට නව බුදු මැදුරක්

කුමුදිනී රත්නායක Friday, 07 March 2014 11:08 PM

බටහිර රටක බෞද්ධ විහාරයක් ආරමිභ කරන්න ලැබීමත් මොන තරමි වාසනාවක්ද? අපේ නා හිමියන් අපිට මහත් ගෞරවයක්. නා හිමියන්ට දීඝායු සමිපත් හිමි වේවා! (නදී)

:       0       0

නිහාල් ,සුජාතා Tuesday, 04 March 2014 11:49 PM

මහනුභාව සම්පන්න පින්කමකට සහාභාගිවිමට අපිට ඉඩ සලසා දුන් අතිගරු චන්දරතන නායක ස්වාමින්වහන්සේට අපගේ ගෞරව පුර්ව භක්ති ප්‍රණාමය පුදන්නෙමු.(නදී)

:       0       0

තිලා Wednesday, 05 March 2014 08:17 AM

නේත්‍රා තැබීම කරන්නේ කණ්නාඩියක අදාරයෙන් මේ මොකද්ද මේ කරන විදිහ? (නදී)

:       0       0

කුමාර බැංක්කෝක් Tuesday, 04 March 2014 11:00 AM

මෙවැනි දේ කිරීමට ඔබවහන්සේට තවත් දිරිය ලැබේවා (අ)

:       0       0

නිහාල් ජෙනෝවා Tuesday, 04 March 2014 11:41 AM

සාදු.. සාදු...සාදු.. බුදුසසුන බැබලේවා (අ)

:       0       0

ජගත් සෞදි Tuesday, 04 March 2014 12:05 PM

සකල සත්වයන්ට හිත සුව පිණිස වේවා!!! සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. (දිල්)

:       0       0

සුජාතා Tuesday, 04 March 2014 02:05 PM

මෙවන් මහා පුන්‍ය කර්මයකට සම්බන්දවිමට අවස්තාව සලසාදුන් අපගේ ගෞරවනීය චන්ද්‍රරතන නායක ස්වාමින්වහන්සේට පින් අනුමෝදන් වේවා! (නදී)

:       0       0

විජේසිංහ Tuesday, 04 March 2014 03:58 PM

බටහිර රටවල උදවිය, විශේෂයෙන්ම ඉතාලි ජාතිකයෝ හරිම හොදයි. බෝට්ටුවෙන් ආපු අයටත් පුරවැසිභාවය දීලා , ඊට අමතරව ආගමික නිදහසත් දීලා තියෙනවා. හැබැයි අපි හිතා ගෙන ඉන්නේ සුද්දෝ කියන්නේ හරිම නපුරු ජාතියක් කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site