(ඩබ්ලිව් ඩී එම් විතානගේ )
රජයට පවරා ගෙන තිබු කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනාගෙන් දෙවන සැකකරු වන හිටපු ඇමැති ආචාර්ය මර්වින් සිල්වාට ඇප ලබා ගැනීම සදහා ඉදිරිපත් කර තිබු දිවුරුම් සහතිකය සමග වෛද්‍ය සභතිකය ප්‍රතික්ෂේප කරමින් එම සැකකරුවන් හතර දෙනා මේ මස 21 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට සැගවී සිටින සැකකරුවන් දෙදෙනා වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අයවලුන්ගේ දේපල තහනම් කිරීමට ඉදිරි පියවර ගැනීම සදහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව එම දෙදෙනා අත් අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් ද නිකුත් කළාය.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබු හෙයින් එම නියෝගය ඔවුන්ට බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කෙරිණි.
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ප්‍රසන්නට - මිල්රෝයිට වරෙන්තු:මර්වින් යළි රිමාන්ඩ්
Nandana Wednesday, 09 April 2025 06:39 PM
මේ කසිප්පුවන් අල්ලන්න බැරිද පොලිස්පතිතුමා...?
ලක්මව් ඛන්නා Wednesday, 09 April 2025 07:52 PM
ප්‍රසන්න මැතිතුමා මේවායින් නිදහස් වෙලා තවත් කාලයක් අපිට සේවය කරන්න ඉන්න ඕනෑ.
පිටිගල මිලානෝ Wednesday, 09 April 2025 07:59 PM
හැංගිලා ඉන්න තරමට පොලිය වැඩියි පුතෝ… වැලිකඩ ගියාම කම්මල් පාටියටම සෙට්වෙයි.
රෝහන Wednesday, 09 April 2025 11:46 PM
යකෝ මේ මිරිස් කුඩ්ඩවත් අල්ලගන්න බැරි පොලිසියක්ද .කෝ අර ඩෙස් එකකුයි පුටුවකුයි අරගෙන එන්න කියපු පොලිස් ඇමති .අර සෙව්වඬියා ආ ගිය අතක් නෑ .
Perera Thursday, 10 April 2025 06:37 AM
මුන්ගේ වටේ කැරකිච්ච ඇඟේ එල්ලිලා හිටපු කූඩැල්ලෝ කිනිතුල්ලෝ දැනටමත් වැටිලා ඇති නේ
Ukussa Thursday, 10 April 2025 06:41 AM
පොලිස්පති තුමනි, ප්‍රසන්නයා හැංගිලා ඉන්නෙ ලක්මව් බෑනාගේ ගෙදරද කොහෙද?
ලක්මව් ඛන්නාThursday, 10 April 2025 11:43 AM
උකුස්සා, ඔබේ කියවීම සහ වටහාගැනීම ඉතාම ඉහළයි.
ලක්මව් ඛන්නා Thursday, 10 April 2025 11:24 AM
රෝහණ, අපි එහෙම තමයි අපේ අයට හොඳම ට්‍රේනින් දීල තියෙන්නේ. අලුත් රිලව් ආවත් අපේ මිනිස්සු තාම අවශ්‍ය තැන්වල ඉන්නවා.
Jayasekara Thursday, 10 April 2025 12:42 PM
මූ අර එයාර්පෝර්ට් එකේ අහිංසක මනුස්සයෙකුට ගහපු කම්මුල් පාර මතක් වෙනවා ... මැටි ඇමතීම තමා ...