IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රංශයේ සන්නද්ධ කල්ලිය ඉතාලියේදී අල්ලයි

ඉතාලියේ බොලෝඤ්ඤා නගරයේ ඩූකෝ දීබොනින්සේඤ්ඤා මාවතේදී ඇන්තනි ඩූලන් යේසුදායන් (22) හා සරන්ජේ  චන්ද්‍රකුමාර් (24 ) යන  ලාංකීකයෝ දෙදෙනා ඉතාලි පොලීසිය විසින් යුරෝපීය පොලිස් වරෙන්තුවක් අනුව අත්අඩංගුවට ගනු ලැබුහ.

පසුගිය දෙසැම්බර් හයවැනිදා ප්‍රංශයේ පැරිස් නගරයේ ගර් දූ නොඩ් දුම්රියපොළ අසල බාබර්සාප්පුවකදී ඔවුන් දෙදෙනා සහ තවත් දෙදෙනෙකු සමගතවත් ලාංකිකයකුට  මන්නයකින් සහ කෙටේරියකින් කපාකොටා දැමීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතුවයි.

තුවාලලැබූ පුද්ගලයා දැඩිසත්කාර ඒකකයේ ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වෙයි.

බාබර් සාප්පුව තුලදී ඇසින් දුටු අය සාක්කි දුන් අය පවසන්නේ මේ ගැටුම පැරිස් නගරයේ කල්ලි දෙකක් අතර ඇති ගැටුමක් බවයි.ඉහතකී පිරිස සතනායී කල්ලියට අයත් බව කියති.

ඔවුන් ඉතාලියට පැනවිත් බොලෝඤ්ඤා නගරයේ හිතවතෙකුගේ  නිවසේ සැඟවි සිටිමින්  ව්‍යාජ ලියවිලි සාදාගෙන වෙනත්රටකට පැනයාම අරමුණ  වීයැයි කියති.



අදහස් (0)

ප්‍රංශයේ සන්නද්ධ කල්ලිය ඉතාලියේදී අල්ලයි

මර්ලන් ඩි සිල්වා -කැනඩාව Tuesday, 14 January 2014 11:55 PM

සත්‍ය ඔබ කියන දේ හරියට හරිමේ අයගේ හැටි ඔහොම තමයි ‍ (දිල්)

:       0       0

රණවක Tuesday, 14 January 2014 02:46 PM

ලෝකේ කොහාටවත් සන්නද්ද කල්ලි අවශ්‍ය නැහැනේ ලෝකේ කොහේ හිටියත් අල්ලා ගන්න ඕනේ (දී)

:       0       0

රාණි, ලන්ඩන් Tuesday, 14 January 2014 02:46 PM

බාබර්සාප්පුවට ගිහිල්ල තියෙන්නේ දර කපන්න ගිහිල්ලා එන ගමන් වගේ (දී)

:       0       0

ධම්ම Tuesday, 14 January 2014 03:29 PM

වයස 22,24 නම් ඉතින් ආයුධ අතින් අරන් ඉපදුනු අයනේ. (දී)

:       0       0

බන්දුල Tuesday, 14 January 2014 03:36 PM

මොවුන් ශ්‍රීලන්කිකයන් වීම ගැන අපි දුක් වෙන්න ඕනේ (දී)

:       0       0

සත්‍යයා Tuesday, 14 January 2014 03:48 PM

රටින් පිට වසන එල්.ටී.ටී.ඊ එකට හිතවත් ද්‍රවිඩ ජාතිකයින් විදේශ රටවලදී දරුණුම ගණයේ අපරාධ කටයුතු වල නියැලුනා. නීතියේ ග්‍රහණය ට අසු වූ විට ඔවුන් පවසන්නේ ඔවුන් ශ්‍රී ලාංකිකයින් බවය. එහෙත් ඔවුන්ගෙන් කෙනෙක් යහපත් දෙයක් කළහොත් මාධ්‍යය වල සඳහන් වන්නේ දෙමළ ජාතිකයෙක් බවය. කොඳු නාරටි නැති අපේ තානාපති සේවයේ යෙදෙන්නෝත් මේවා නොදැක්කාසේ නිදි කිරති. (නදී)

:       0       0

නුවන් Tuesday, 14 January 2014 04:42 PM

ලංකාවේ හමුදාව මරන්න එනවෝ කියල බොරු ගොතල රට පැනල ගිය අපේ දෙමළ සහෝදරයෝ දෙන්නෙක් තමුන්ට හොදටම කරන්න පුළුවන් එකම දේ කරලා වගේ.(දිල්)

:       0       0

කමල් Tuesday, 14 January 2014 05:42 PM

නුවන් මෙතන එක්කෙනෙක් විතරයි දෙමළ(දිල්)

:       0       0

විජය මිලානෝ Tuesday, 14 January 2014 07:41 PM

පිටිගලගේ යතාර්ථවාදී අදහස් නැතුව කිසිම පුවතක් 'පත්තු වෙලා' යන්නේ නැහැ.(නදී)

:       0       0

නුවන් Tuesday, 14 January 2014 07:56 PM

කමල්,දෙමළ නම් තියෙන සිංහල අයත් ඉන්නවද? (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 14 January 2014 08:19 PM

ඉතාලි පොලිසියට අපේ සුබ පැතුම් .කේ .පි හෝ කරුණා ඉතාලියට ආවත් මේ දේමයි වෙන්නේ. අපේ රටේ එයාලව හුරතල් කෙරුවට.(නදී)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 14 January 2014 08:28 PM

කමල් වැරදියි. දෙදෙනාම දෙමළ. එක් අයෙක් දෙමළ හින්දු ,අනිත් කෙනා දෙමළ කතෝලික. මම කියන්නේ මේ අයගේ නම තියෙන හැටියට. (නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 14 January 2014 09:49 PM

මේ අය ලංකාවේ අහිංසක මිනිසුන්ව මන්නා වලින් කපල කොටලා මැරුවා පිටරට ගිහිල්ලත් අලුගෝසුවෝ වගේ හැසිරෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site