
(මනෝප්‍රිය ගුණසේකර)
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර ඇත.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළැයි කියන පුද්ගලයින් 92දෙදෙනෙකුගේ නාම ලේඛණයක්ද ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති කාමන්ත තුෂාර මහතා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක්ද කර ඇත.
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රීපාල සිරරිසේන, ගෝඨාභය රාජපක්‍ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ සමයේ ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන 833ක් ඇති බවට ලේඛණ වල සටහන්ව ඇති බවටත් 2022 වසර වන විට ඉන් වාහන 22ක් අතුරුදන්ව ඇති බවටත් ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසා ඇති බව අවධාරණය කරන කාමන්ත තුෂාර මහතා ලංකාව පාලනය කළ ඇතැම් ජනාධිපතිවරු හා නිලධාරීන් චක්‍ර ලේඛණ උල්ලංඝණය කරමින් තම හිතවතුන්ට ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන ලබාදී ඇතතැ බවද පෙන්වා දී ඇත.
අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රජයට වු පාඩුව පිළිබඳව මෙන්ම එම වාහන නඩත්තු කිරීමට, අ`ථත්වැඩියා කිරීමට වැය වු මුදල් ප්‍රමාණය කොපමණද? වාහන ලැබු පුද්ගලයින් එම වාහන තෙවැනි පාර්ශවයන්ට දී මුදල් උපයා ඇද්ද? යන්න පිළිබඳවද විමර්ශනය කරන්නැයි ඉල්ලා සිටින කාමන්ත තුෂාර මහතා චක්‍ර ලේඛණ උල්ලංඝණය කරමින් ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරන ලෙසද ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
මුදිත් Monday, 30 September 2024 09:02 AM
මුකුත් කරන්න බෑ ! ඕව ඔක්කොම දිල තියෙන්නේ විධායක ජනාධිපතිට වියවස්ථාවෙන් ලැබිල තියෙන බලයට අනුව.එයට කරන්න බැරි පිරිමියෙක් ගෑනියෙක් කරන එකයි, ගැනියෙක් පිරිමියෙක් කරන එකයි විතරයි. පුළුවන් නම් නඩු දාන්න!! ඕක තනිකරම මාධ්‍ය සංදර්ශනයක් විතරයි. ඔය සංදර්ශනය මුලින්ම ලාංකික මෝඩ පුරවැසියන්ට හදුන්වලා දුන්නේ යහපාලන ආණ්ඩුවේ ජෝන් අමරතුංග ඇමති තුමා.
අරවින්ද මොනරවිල Monday, 30 September 2024 09:18 AM
ඔයා ඉල්ලුවත් නැතත් ඒ පරික්ෂණ කරනවා, ඒ නිසා බොරුවට නටන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න හලෝ .....
සොරිසේන Monday, 30 September 2024 02:38 PM
මෙතෙක් කල් ඉල්ලන්නේ නැතුව පරීක්ෂණ ගොඩාරියක් කරලා තියෙනවා නේ?
සෙනෙවිරත්න Monday, 30 September 2024 11:05 AM
මුදිත් , නඩු දාන්න බැරි එක අය කරගන්න එකට වඩා මේ වගේ වැඩ නොකරන්නයි අවශ්‍ය , මේවා හෙළි කර හම එන පාලකයා තවත් මේ වගේ නාස්තිකාර වැඩ නොකර ඉඳීවි, වහාම මේ වාහන වෙන්දේසියේ විකුණන්න.