IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වහයි

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් සැක සේවකයකු හමුවීම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වසා දමා එහි සෙසු සේවක පිරිස් නිරෝධායනයට යොමුකර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

ආරක්ෂක පියවරක් ලෙස කතානායක වරයා එහි පැමිණීමද වළක්වා ඇත.

කොවිඩ් සැක සේවකයා හමුවීමෙන් පසුව කතානායක කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශය පූර්ණ ලෙස විෂබීජහරණය කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කොවිඩ් සැක සහිත සේවකයකු හමුවීම නිසා කතානායක කාර්යාලයේ සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමුකර ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තුව සේවකයන් පිරිසක් කොරෝනා පරීක්ෂණවලට යොමු කර ඇති බවත් එම පරීක්ෂණවල වාර්තා අද හෙටම ලැබීමට නියමිත බවත් වේත්‍රධාරිවරයා කීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ සෞඛ්‍යාරක්ෂාවේ ලොකු ගැටළුවක් නැතැයි කී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එහි එම ආරක්ෂාව තහවුරු කිරීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද සඳහන් කළේය.

මන්ත්‍රීවරු ,පාර්ලිමේන්තු සේවකයෝ සහ පාර්ලිමේන්තු මාධ්‍යවේදිහු පිරිසක් කොවිඩ් රෝගයට මෙයට පෙර ගොදුරු වූහ.

 



අදහස් (7)

පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වහයි

ranjith Saturday, 08 May 2021 02:39 AM

අඩු ගානේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයවත් ආරක්ෂා කරගෙන රටට ආදර්ශයක් දෙන්න.

:       1       3

nimalSaturday, 08 May 2021 01:33 PM

කතානායක කාර්යාලය තාවකාලිකව වසා එහි සිටි සේවකයන් සියලුදෙනාම නිරෝධායනයට යොමුකරන්න.

:       0       0

සිරිබිරිස් Saturday, 08 May 2021 03:00 AM

ඕක වහලම දැම්මත් කමක් නැහැ. වෙන සෙතක් තියන එකක් යෑ....

:       2       10

POROLIS APPUHAMY - KALUTHARA Saturday, 08 May 2021 03:25 AM

අනේ සාදු... හරිම සතුටුදායක ආරංචියක්... සදාකල්ම වහලා දාන්නම ලැබේවා...!!!

:       2       13

Rata Perata Saturday, 08 May 2021 06:19 AM

අනේ ඉක්මණට උණුසුම් පුවතක් දෙන්නකෝ...

:       3       16

siri Saturday, 08 May 2021 09:08 AM

අර පැණිය බීලා මාළුපාන් කාපු එකේ රඟේ තමයි ඔය...

:       0       0

ලක්විදු Saturday, 08 May 2021 02:56 PM

පොසිටිව් කියන්නෙ නැතුව සැක සහිත කියන්නෙ සැර බාල කරන්න....,අපි අහුවෙයි ඕවට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site