IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිස්

ලබන 20 වැනි දා පවත්වන පළමු පාර්ලිමේන්තු රැස්වීමේ දී පක්ෂ දෙකකට හිමි මන්ත්‍රී ආසන දෙකක් හිස්ව තබන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මෙතෙක් නම්කර නොමැති වීමෙන් මෙම ආසන දෙක හිස්ව තබන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසීය.

පසුගිය මහ මැතිවරණයේ දී එම පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරය බැගින් හිමි විය.

කෙසේ වෙතත් එම පක්ෂ දෙකෙන් මෙතෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර නොමැති බැවින්, මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් එම නම් ගැසට් කර නොමැත.

 



අදහස් (7)

පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිස්

Raveendra Tuesday, 18 August 2020 12:27 PM

අනේ වාසනාවන් එලෙසම "තව පුටු 200ක්" විතර ඔය දියවන්නාව පට්ටියෙන් "සදහටම අයින් කරලා දාන්න" පුලුවන් නම් මොනතරම් මුදල් කන්දරාවක් ලංකා මාතාවට ඉතුරු වෙනවද? රටේ දියුණුවට වියපැහැදම් කිරීමට.. එසේ වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි...!!

:       135       1686

banda Tuesday, 18 August 2020 12:57 PM

මේ ආසන දෙකම දිගටම හිස්ව තියන්න ඕනේ...

:       226       612

BamunuarachchiWednesday, 19 August 2020 02:22 AM

රටේ වැඩකටයුතු කෙරෙනවා නම් ආසන 225 දවස් 356ම හිස්වුණත් අපිට කමක් නැහැ.

:       0       1

Nihal Tuesday, 18 August 2020 03:09 PM

ආසන 2000ක් 3000ක් දක්වා වැඩි කළත් මේ අය එපා නම් කියන්නේ නැහැ..

:       1       228

Nadeera Wednesday, 19 August 2020 03:21 AM

නියමිත කාලසීමව තුළ අදාල මන්ත්‍රීවරු නම්කළ නොහැකිනම් එම මන්ත්‍රීධුර අහෝසි කිරීම හෝ ඊළඟ පක්ෂයට ලබාදිය යුතුයි. පක්ෂයේ මන්ත්‍රීවරයා තෝරාගන්න බැරි මිනිස්සු කොහොමද රටට බලපාන තීන්දු තීරණ ගන්නේ..?

:       3       79

සත්‍යපාල Wednesday, 19 August 2020 08:14 AM

දූෂිත දේශපාලුවන් හිටියත් එකයි, නැතත් එකයි. ඔවුන්ව නඩත්තු කරන්න මහජන මුදල් කාබාසිනියා වෙන එකනේ සිද්ද වෙන්නේ...

:       0       26

විජේ Thursday, 20 August 2020 12:55 PM

චොකා මල්ලි සහ පිල්ලෙයාන් අයියා සිටිය යුතුම දෙදෙනෙකි.. අපායේ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site