ප්‍රවීණ ගායකයෙකු වන මිල්ටන් පෙරේරාගේ පුත් ප්‍රියංකර පෙරේරාට බොහෝදෙනා දක්වන්නේ මහත්වූ සෙනෙහසක්. ඒ ඔහුගේ ඇති ගායන ශෛල්‍ය සහ ඔහුගේ පියාට ඇති සෙනෙහස නිසායි. ඔහුගේ ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ කතා බහක යෙදුණා.
ලබන මාසේ ඔස්ට්‍රේලියාවට සහ ඇමෙරිකාවට ප්‍රසංග සඳහා දායක වෙන්න තියෙනවා. මීට අමතරව කරපු විශේෂ දේ තමයි අපේ තාත්තගේ ඒ කියන්නේ මිල්ටන් පෙරේරාගේ අවුරුදු 50කට පෙර ඉස්සර ජනප්‍රිය වෙලා තිබුණු, අද කාලේ ඇහෙන්නේ නැති ගීත එකතු කරලා "පැදුර" කියන සීඩී එක කළා. ඒ කාලේ පැදුරු සංස්කෘතියක් තිබුණනනේ. ඒ බජව් ආකාරයට නිර්මාණය කරනු ලැබූ සංගීත තැටියක් තමයි මේක. ඒ ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණා. මොකද මේ කාලේ සීඩී තැටි මාර්කට් එකක් නැති නිසා ඒක අතින් අත සහ යාළුවන් අතරේ තමයි අලෙවි වුණේ. ගොඩක් අය අහනවා ඇයි මේවගේ දෙයක් කරන්න පරක්කු වුණේ කියලා. මීට අවුරුදු 4කට 5කට කලින් කළා නම් කොච්චර හොඳයිද කියලා අහනවා. ඒකාලේ ලංකාවේ සීඩී මාර්කට් එකක් තිබුණනේ. මොකද මේ ගීත තැටිය කළේ ගිය අවුරුද්දේ අන්තිම කාලයේදීයි.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - ප්‍රියංකර පෙරේරාගේ ෆේස්බුක් ගිණුම
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්‍රියංකර පෙරේරා එක්ක කතා බහක්