කල් ඉකුත් වූ නිෂ්පාදන ප්‍රදර්ශන කළ රාස් අබු අබොවුද් හි රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දැමීමට ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේය.
පාරිභෝගික ආරක්ෂණ සහ වාණිජ වංචා වැළැක්වීමේ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නිරීක්ෂන චාරිකාවකින් අනතුරුව ඉහත රූපලාවන්‍ය මධ්‍යස්ථානය වසා දැමීමට අමාත්‍යාංශය කටයුතු කර ඇත.
2008 අංක 8 දරණ නීතියට අනුව ක්‍රියාත්මක වූ අමාත්‍යාංශයේ පරීක්ෂකයන් ඉහත රූපලාවන්‍ය මධ්‍යස්ථානයට දඩයක් නියම කොට එය වසා දැමීමට පියවර ගෙන තිබේ. යම් නිෂ්පාදනයක සැපයුම්කරු විසින් ඒ පිළිබඳ සියලු විස්තර පැහැදිලිව භාණ්ඩය මත ප්‍රදර්ශනය කළ යුතු බවත්, කිසිම ආකාරයක අසත්‍ය හෝ නොමග යවන සුළු විස්තරයක් සඳහන් කිරීමෙන් වැළැකිය යුතු බවත් ඉහත නීතියේ සඳහන් වෙයි.
පාරිභෝගික ආරක්ෂණ නීතියේ 3 වැනි වගන්තියට අනුව ඉහත රූපලාවන්‍ය මධ්‍යස්ථානය වසා දැමීම පිළිබඳව අමාත්‍යාංශයේ නිල බෙබ් අඩවිය හරහා මෙන්ම පුවත්වත් දෙකක් හරහාද ප්‍රසිද්ධියට පත්කර තිබේ.
ඉහත නීතිය උල්ලංඝනය කරන්නන්ට වැඩි දුර නීතිමය කටයුතු සඳහා අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කරන බව අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 30
140
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
760
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාරිභෝගික නීතිය උල්ලංඝනය කළ රූපලාවන්‍ය මධ්‍යසථානයක් වසා දැමේ