IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාරිභෝගිකයන්ගේ වැඩි කැමැත්ත දේශීයව නිෂ්පාදනය කරන එළවළු සඳහාලු

farm-FC

 

උසස් තත්ත්වය සහ දැරිය හැකි මිල ගණන් හේතුවෙන් ගනුදෙනුකරුවන්ගේ පළමු තේරීම බවට පත්ව ඇති දේශීයව නිෂ්පාදනය කළ අලුත් එළවළු සහ පළතුරු මේ වනවිට ආනයනික නිෂ්පාදනවලට හොඳ තරගයක් ලබාදෙමින් තිබේ.


තක්කාලි, පිපික්‍ද්ක්‍දා, කැප්සිකම් මිරිස්, චෙරි තක්කාලි මෙන්ම නිවිති, කොත්තමල්ලි සහ මින්චි කොළ වැනි එළවළු වර්ග සමහර සුපිරි වෙළෙඳ සංකීර්ණ සහ සිල්ලර කඩවල අලෙවිකරන මිලට වඩා හරි අඩක් අඩුවෙන් අල් වක්රාහ්, අල් මස්රොවුවාහ් සහ අල් කෙහොර් වැනි දේශීය නිෂ්පාදන අලෙවිපොළවලින් මිලට ගත හැකිය.


උදාහරණයක් ලෙසින් දේශීය ගොවිපොළවල සිට ඍජුවම ලැබෙන චෙරි තක්කාලි කිලෝවක් අල් වක්රා වෙළෙඳපොළේ කටාර් රියාල් 12කට අලෙවි වනවිට ඒවා සිල්ලර කඩයේ අලෙවි කරන්නේ කටාර් රියාල් 30-40 වැනි ඉහළ මිලකටය.දේශීය කැප්සිකම් මිරිස් (රතු සහ කහ) කිලෝවක් ගොවි නිෂ්පාදන වෙළෙඳපොළේ කටාර් රියාල් 7ක් වනවිට ආනයනික කැප්සිකම් මිරිස් කිලෝවක් සුපිරි වෙළෙඳසලේ අලෙවි කරන්නේ කටාර් රියාල් 20ක් වැනි මිලකටය.


අනෙක් ගොවි නිෂ්පාදන වෙළෙඳපොළවල් මෙන්ම අල් වක්රාවෙළෙඳපොළ ද මේ වනවිට නිතර නිතර වෙළෙඳපොළට පැමිණ විශාල ප්‍රමාණවලින් එළවළු මිලට ගන්නා පාරිභෝගිකයන් සහ අවන්හල් හිමියන් අතර අතිශය ප්‍රසිද්ධියට පත්ව ඇත.


“දේශීය තක්කාලි, වම්බටු, වට්ටක්කා, සුදු ලූනු සහ අනෙක් එළවළුවලට අමතරව ගෙවල්වල ඇති කළ කුකුල්ලු, තාරවෝ, හාවෝ සහ විසිතුරු පැළ වගේ දුර්ලභ නිෂ්පාදන මිලට ගන්නත් මිනිස්සු මෙහාට එනවා” යැයි අල් වක්රාහ් වෙළෙඳපොළේ එළවළු වෙළෙන්දෙක් පවසයි.


කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තාක්ෂණික දියණුව හේතුවෙන් කර්කශ කාලගුණික තත්ත්වයන් යටතේදීත් හරිතාගාර තුළ විවිධ එළවළු වගාකිරීමට ගොවියන්ට හැකියාවක් ලැබී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් වසර පුරාම අලුත් එළවළු සාධාරණ මිල ගණන් යටතේ වෙළෙඳපොළට සැපයීමට ගොවීන්ට හැකියාවක් ලැබී තිබේ.


අනෙක් අතට රට තුළ ආහාර සුරක්ෂිත බව ඉහළනංවා ගැනීම සඳහා රජය නිරන්තරයෙන්ම දේශීය ගොවීන්ට සහන ලබාදෙයි.



අදහස් (0)

පාරිභෝගිකයන්ගේ වැඩි කැමැත්ත දේශීයව නිෂ්පාදනය කරන එළවළු සඳහාලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site