(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදි රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළ නව පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරයකු වූ අජාන් ගාර්දියෙ පුංචිහේවා යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියම කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (17) වරෙන්තු නිකුත් කළේය.
එසේම, මෙහි අනෙක් සැකකරුවන් වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, ඇතුලු 07 දෙනෙකු අභියාචනාධිකරණයෙන් හෝ වෙනත් අධිකරණයෙන් නියෝගයක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙහි සැකකරුවන් වන්නේ, හිටපු මුදල් අමාත්‍ය සන්දේශ් රවීන්ද්‍ර කරුණානායක, පර්පෙචුවෙල් ටේරෂරිස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් ජෝෂෆ් අලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධී පළිසේන, එහි සාභාපති ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස්, එහි අධ්‍යක්ෂකවරුන් වන, චිත්ත රංජන් හුලුගල්ල, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරී සංගරපිල්ලේ පදුමනාපන් සහ සේවක අර්ථසාධක අරමුදලේ නිලධාරී බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර යන අයවලුන් ය.
2016 මාර්තු 29 සහ 2016 වර්ෂයේ මාර්තු මස 31 වැනිදා යන දෙදිනට අදාළව පැවැති බැදුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 51.98ක ප්‍රමාණයක් සාවද්‍ය පරිහණය කළැයි යන්න සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අංක බී 16089 නව නිතී කෘත්‍යයට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු වී තිබිණී. එම සිද්ධිය ලබන 18 වැනිදා යළි මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවීමට නියමිතව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පර්පෙචුවෙල් ටෙෂරීස් සමූහයේ තවත් අධ්‍යක්ෂවරයකුට වරෙන්තු
Nuwan Wednesday, 17 June 2020 10:02 AM
ජනාධිපතිතුමා රටම ඉස්සරහා තදින් බනින්නම ඕනෑ... මේගොල්ලන්ට වැඩ කරන්න මතක් වෙන්න. පඩිය අතට ගන්නත් ඔච්චර අමතක වෙනවද දන්නේ නැහැ.
ana Wednesday, 17 June 2020 10:28 AM
මහඡන්දෙ තියෙනකම් මහජනයා ජොලියේ තියන්න ඕනෑ...
විසල් Wednesday, 17 June 2020 11:47 AM
මේ මහා මුදල් මංකොල්ලයට නඩු නොදමා මග හැරීමට ගත් උත්සාහයන් සියල්ලම අසාර්ථක වී අවසානයේ නඩූ දැමීමට යහපාලනයේ පැවති ලිච්ඡවී රාජ්‍යයට සිදු වුණා.. 'හොරු' කවුරුන්දැයි දැනටම පසක් වී අවසන්... තෑගි බෝග වශයෙන් සුඛෝපභෝගි නිවාස දෙකක් එක් නිවසක් ලෙස ලැබී තිබුණා නේද?
සෑම් Wednesday, 17 June 2020 11:56 AM
මහ බැංකු නිලධාරීන්ට කළ හැකි දෙයක් නැත. සියළු බැංකු හොරු රජ පවුලේ විවාහ මංගල උත්සව වලට පවා සහභාගි වෙන පවුලේ ළඟම හිතවතුන්... ඔය වරෙන්තු මැතිවරණ ළංවෙනකොට රටේ ඉන්න දෙපා හරක්ට පුන්නක්කු දීමෙන් පසු අනුභවයට දෙන රස කැවිලි...
Gayan Wednesday, 17 June 2020 12:46 PM
එයාලා රටේ ඉන්නවද?