ඉන්දිකා රාමනායක
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ඝාතන සිද්ධීන් ඇතුළු ප‍්‍රධාන විමර්ශන හයක විමර්ශන ගොනු මෙම මස 23 වැනි දිනට පෙර තමන් වෙත ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු පුද්ගලයින් 17 දෙනෙකු ඝාතන කිරීම, තරුණයින් 11 දෙනෙකු පැහැගෙන ගොස් අතුරුදන් කිරීම, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම යන සිද්ධීන් වලට අදාළ වාර්තා මෙලෙස කැඳවා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු පුද්ගලයින් 17 දෙනෙකු ඝාතන කිරීම, තරුණයින් 11 දෙනෙකු පැහැගෙන ගොස් අතුරුදන් කිරීම සිද්ධීන් පහ සම්බන්ධයෙන් විමර්ශන ප‍්‍රමාදයකින් තොරව අවසන් කර විමර්ශන උධෘත ගොනු තමන් වෙත යොමු කරන ලෙසට නීතිපතිවරයා ඉකුත් (15) වැනිදා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබිණි.
ඒ අනුව ඉහත විමර්ශන පහ සහ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ද වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තා කැඳවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම වාර්තා පහත සදහන් කරුණු 11 ක් සම්බන්ධයෙන් එක් එක් සිද්ධියට අදාළව වෙන වෙනම ගොනු සකස් කර තමන් වෙත ලබා දෙන ලෙසට පොලිස්පතිවරයා දැනුම් දී ඇත.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ප්රධාන අපරාධ සිද්ධීන් 6ක වාර්තා පොලිස්පති සීඅයිඩීයෙන් ඉල්ලයි
ගල්කටස් Sunday, 18 August 2019 11:40 AM
ගෝඨාභය මහත්මයට දෙන්න හදන්නෙ වැඩේ..අවුරුදු 04 ක් අැදලා අැදලා දැන් තමා මතක් වෙලා තියෙන්නෙ. පව් එයාලගෙ නඩු හමාර කරන්නද හදන්නේ නැත්නම් බයිස්කෝප් එකක් පෙන්වන්නද හදන්නෙ? අවසානයේ කොතනක හො ඩොලර් ද ?
Chanak los angelesSunday, 18 August 2019 04:11 PM
මොකක්ද ප්‍රශ්නය ? අපරාධකාරයා දේශපාලකයෙක් නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ කියලා නීති පොතේ කොහේ හරි ලියවිලා තිබෙනවාද ?
TharinduSunday, 18 August 2019 04:37 PM
මිනීමැරුම් නඩු කොයිවෙලේ ඇද්දත් මොකද? මොකෝ කාලේ ගෙවුණයි කියලා මිනීමැරුම වෙනස් වෙනවයැ. වහල්ලුන්ට හැමදේම බයිස්කෝප් තමයි ඉතින්. තව ටිකක් කල් ඉවසමුකෝ කකුළුවා නටන්නේ හැළිය රත්වෙනකන් විතරයි කියනවනේ.
SamanSunday, 18 August 2019 11:56 PM
'කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ ' කිව්වලු ....
Prabha Sunday, 18 August 2019 01:31 PM
මේ වැඩ වලින් වෙන්නේ ගෝටාභයගේ ජයග්‍රහණය තහවුරු වෙන එක විතරයි. යහපාලනයට ජය වේවා
Ajantha Sunday, 18 August 2019 03:05 PM
අවුරුදු 4කට වඩා ගිහිල්ලා බැරි වුන දේ මාස 3න් කරයිද? තාම කරන්නේ මාධ්‍ය සංදර්ශන
ajith Sunday, 18 August 2019 04:22 PM
මෙන්න තවත් මැතිවරණ ප්‍රතිපලයක්
Gamarala Monday, 19 August 2019 01:51 AM
කොහොම හරි වැඩේ කරන්න බලමු නේද?
surath Monday, 19 August 2019 03:05 AM
ඡන්දයක් ළඟ ළඟම එනවාද ?