IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30)  විශ්‍රාම ගියේය.

ඔහුට ලබන දෙසැම්බර් මාසයේ 3 වැනිදා දක්වා සේවය කිරීමට කාලය තිබුණේය.

යසරත්න මහතාට   ඉවත්වීමට බලපෑ හේතුව පිළිබඳව මෙතෙක්  තොරතුරු අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත් ඔහු සිකුරාදා දින අමාත්‍යාංශ කාර්යාලට පැමිණ ධුරයෙන් ඉවත්වන බව ඉහළ නිලධාරීන්ට දන්වා ඇතැයි සඳහන්වේ.

ප්‍රදීප යසරත්න මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට පසුගියදා පත් ගනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

ඔහු කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම බස්නාහිර පළාත් ලේකම්වරයා ලෙසද  කලක් කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට අප ප්‍රදීප් යසරත්න මහතා සම්බන්ධ කර ගැනීමට අද උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.



අදහස් (3)

ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි

රසික Tuesday, 01 October 2024 03:46 AM

චන්දෙ ඉල්ලන්නලු නේද?

:       0       0

sam Tuesday, 01 October 2024 06:53 AM

හොර කපුවා අහුවෙයි කියලා තමයි ඉස්සෙල්ලාම ඉල්ලා අස්වුණේ. දැන් වෙන දේවල් දැක්කම කළ කී දේවල් මතක් වෙලා බයට යන්න ඇති. ඒක තමයි වේලාසනින් පැනගන්ඩ මේ හදන්නේ.

:       0       0

J R Randeniya Tuesday, 01 October 2024 10:08 AM

අමුතු දෙයක් නෙවෙයි. රජයේ සේවකයෙකුට සේවා කාලය තුළ ලබා නොගත් නිවාඩු මත, විශ්‍රාම යාමට නියමිත දිනට මාස 03කට පෙර සිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගත හැකියි. පත්තර වල හෙඩින් දාන්න තරම් දේවල් නෙවෙයි මේවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site