IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පේරාදෙණි පර්යේෂණය සාර්ථකයි

ටැංකි මාළුවා වශයෙන් පොල්ගොල්ලේ මහවැලි ජලාශයේ ධීවරයන් විසින් හැඳින්වෙන ටැංකි ශෝධක නම් මාළුවන් ගෙන් කරවල උම්බලකඩ හා සැමන් නිෂ්පාදනය කළ හැකි බව පේරාදෙනි විශ්ව විද්‍යාල කෘෂිකර්ම පීඨ ධීවර අංශය කියයි.

නිවෙස්වල මාළු ටැංකි සුද්ධ කිරීම සඳහා යොදා ගත් ස්කැවෙන්ජර් නම් මාළුන් පස් වසරකට පමණ පෙර පොල්ගොල්ලට දමන්නට ඇතැයි ද දැන් එහි එම මාළුන් ගහනය බෙහෙවින් වැඩි වී දැලක් දැමූ විට මිරිදිය මාළුන් තිදෙනකු අසුවන විට ටැංකි මාළුන් විස්සක් පමණ අසුවෙතියි ධීවරයෝ කියති.

මෙම මාළුන් සෙසු මාළු බිත්තර හා පාසි ආදී දේ කා දැමීම නිසා වෙනත් මාළුන්ගේ බෝවීමද සීමා වී ඇතැයි ද දැල් පවා ඉරී යතියි ද ධීවරයෝ කියති.

ඇතැම්විට ටැංකි මාළුවා අඩි දෙක හමාරක් දිගට වැඩෙන බව ද ඔවුන් සඳහන් කරති.

දැල්වලට අසුවන මාළුන් කෑමට නොගන්නා බවත් ඔවුහු පවසති.

පේරාදෙණි සරසවි පර්යේෂකයන් පවසනුයේ රජයෙන් හෝ පළාත් සභාවෙන් ව්‍යාපෘතියක් අරඹතොත් ඊට අවශ්‍ය සහාය දීමට හැකි බවයි.

 

 

 



අදහස් (0)

පේරාදෙණි පර්යේෂණය සාර්ථකයි

රනිල් Wednesday, 18 December 2013 08:47 AM

මිනිසා විසින්ම පරිසර තුලිතතාවය වෙනස් කර අහිංසක සතුන් පිට වරද පටවා එම අහිංසකයන් මරාගෙන කෑම කෙතරම් වැරැදි ක්‍රියාවක්දැයි සිතා බලන්න.. සියලු සතුන් ජීවත් වීමට අශා කරයි (දිල්)

:       0       1

සරණ Wednesday, 18 December 2013 09:10 AM

ඇත්තටම සැමන් කියන්නේ උතුරු අත්ලන්තික් වගේ මුහුදු කලාපවල වෙසෙන මාලු වර්ගයක්. ලංකාවේ අපි සැමන් කියන්නේ ටින් මාලුවලට, ඒවට ගන්නේ මැකරල් කියන පොදු නමින් හඳුන්වන මාලු ජාති මම දන්නා විදියට. මිල අතින් ගත්තත් සැමන්වල මිල වැඩියි.(නදී)

:       0       0

අමා Tuesday, 17 December 2013 04:09 PM

සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය මාළු කෑම 100% ගෙන්වන්නේ පිට රටින්. මෙම මාළුන් ගෙන් අවශ්‍ය මාළු කෑම නිෂ්පාදනය කල හැකියි.(නදී)

:       0       0

දමිත් Tuesday, 24 December 2013 04:05 PM

සල්මන් කියන්නේ ටින් මාලුවලට කියන නම නෙමෙයි. ටින් මාලු වලට කියන්නේ සාඩින් කියලා. (නදී)

:       0       0

සමන් ආනන්ද Tuesday, 24 December 2013 06:11 PM

මාලුවෙක් ටින් කරන්න හදපුවම හැමෝම අකමැතියි වගේ. හෙරෝයින් ටින් කරලා කන්ටේනර් ගණන් එන්නේ. ඒ වගේ ඒවාට විරුද්ද වෙන උදවිය එහෙම නැද්ද මේ රටේ.(නදී)

:       0       0

දිල් Tuesday, 17 December 2013 07:44 PM

රට වටේම මුහුද මදිවට දැන් මේ මාළුවා ව වත් මරාගෙන කන්න හදනවා .අනේ මේ සත්තු වදවීගෙන යන කුලයට අයිති උනා නම් මුන්ගේ ජීවිත බේරෙනවා. (අ)

:       0       0

ගිහාන් Wednesday, 18 December 2013 02:28 PM

මේ මාලුවා අපේ පරිසරයට ඉතාමත් හානියක් කරන මත්ෂ්‍ය වර්ගයක්. මොවුන් අපේ දේශිය මත්සයින් විනාශ කරනවා. මම නම් හිතනවා මොවුන් විනාශ කරන හොඳම ක්‍රමය මෙය තමයි.(නදී)

:       0       0

රම්සි Sunday, 22 December 2013 10:42 PM

ඔය තර්කය හරි නම් ලංකාවෙන් පිස්සු බලු රෝගය තුරන් කරන්න තියෙන හොදම ක්‍රමය මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.(නදී)

:       0       0

ධම්මික හේවගේ Monday, 23 December 2013 12:03 AM

ජෛව විවවිධත්වයට මෙම මාළුවා දැඩි තරජනයක්. දැන් බොහෝ මිරිදිය ජලාශවල මේ මාළුවා බෝවෙලා. උලාකන්නෙක් බැවින් පෘෂ්ඨයන්හි තැන්පත්ව ඇති මාළු බිත්තර මෙම මාළුවාගේ ආහාර බවට පත්වෙයි. දේශීය මිරිදිය මත්ස්‍ය ගහනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන මෙම මත්ස්‍යයින් ගහනය කඩිනමින් පාලනය කළ යුතු වෙයි.(නදී)

:       0       0

ධම්ම Tuesday, 17 December 2013 11:09 AM

අපේ අය 'තණකොළ නොබුදිති සිංහ පැටවූ' කියලා හොරෙන් හොරෙන් කාවි.(නදී)

:       0       0

ගමගේ Tuesday, 17 December 2013 11:30 AM

මේ ප්‍රවෘත්තිය දැක්කම මගේ ඇඟ කිලිපොලා ගියා. මොකද මේ වැඩේ අර කට්ටියට ආරංචි උනොත් අර පර්යේෂණ කරපු නිලධාරියත් ඉවරයි. (නදී)

:       0       0

චාමික Tuesday, 17 December 2013 11:31 AM

අවට පරිසරය ගැන තමන්ගේ යුතුකම ඉටු කරන අධ්‍යනයක් බවයි පෙනෙන්නේ. ඔබගේ පර්යේෂණය අගය කරමි. මෙම පර්යේෂණය සඳහා අරමුදල් ලබාදී ඉදිරියට ගෙන යනවා ඇතැයි බලාපොරොත්තු වෙමි. (නදී)

:       0       0

සෑම් Tuesday, 17 December 2013 11:44 AM

සැමන් කියන්නේ ටින් කිරීම සදහා බහුලව ගන්නා මාළු වර්ගයක් නේද? (නි)

:       0       0

සංජු Tuesday, 17 December 2013 12:04 PM

මෙම මාළුවන් වෙනත් රට වලට යවන්න විදේශ විනිමය එන වැඩක්.(නදී)

:       0       0

අසෝකා Wednesday, 18 December 2013 01:20 AM

සැමන් කියන්නේ වෙනම මාළු වර්ගයක් නේද? (අ)

:       0       0

ගජබා Tuesday, 17 December 2013 01:00 PM

දැන් ඉතින් උම්බලකඩ ගේන්න කඩේ යන්න ඕනෙත් නැහැ වියදමකුත් නැහැ ටැංකියට අත දැම්මා කෑල්ලක් ගත්තා සම්බෝලේ හැදුවා. සැමන් නම් ඉතින් ටින් කරන්න යන වියදමත් ඉතුරුයි.(නදී)

:       0       0

චාමික Tuesday, 17 December 2013 01:34 PM

පේරාදෙනි විශ්ව විද්‍යාල කෘෂිකර්ම පීඨ ධීවර අංශය අවට පරිසරය ගැන තමන්ගේ යුතුකම ඉටු කරන අධ්‍යනාංශයක් බවයි අදහස් කලේ. කණගාටුවෙන් වුවත් සදහන් කලයුතු දෙයක් තමයි, අපේ විශ්විද්‍යාල වල පර්යේෂණ සමග රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල කාර්මික සහයෝගීතාව එකට බැදීම අඩු බව. මෙම පර්යේෂණය එවැනි සහයෝගීතාවයකට කදිමයි . (නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 17 December 2013 02:00 PM

දැනට 20ක් අහුවෙනවා නම් තව ටික කාලයක් යද්දී වෙන මාළුවෝ ඉතුරු වෙන එකක් නෑ. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හිතෙන හිතෙන දේවල් ආනයනය කරාම මෙහෙම වෙන්නේ.(නදී)

:       0       0

ගුණසිරි Wednesday, 18 December 2013 07:36 AM

ලංකාවේ සැමන් ටින් වල විකුනන්නේ පිටරට වල මිනිසුන් නොකන ලාබම මලු වර්ගය , (අ)

:       0       0

සජිත් Wednesday, 18 December 2013 07:41 AM

සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුපපත් වෙත්වා (අ)

:       0       0

සජිත් Tuesday, 17 December 2013 02:18 PM

ගජබා කියල අපේ රටේ හිටපු රජ කෙනෙක්ගේ නමක් දාගෙන අදහස් දක්වන කෙනාට මන් කියා හිටිනවා පින් අයිති වෙයි ඔය නමින් ඔය ගොන් අදහස් දාන්න එපා කියලා. ඒ වගේම කෝ අපේ සේනාව අන්න අහිංසක සතුන් මරන්න පරීක්ෂණ හිටන් කරනවා ඒකට කතා කරන්නේ නැත්තේ ඇයි? (නදී)

:       0       0

දර්ශන Wednesday, 18 December 2013 08:26 AM

අපේ රටේ මිනිස්සු වගේ සත්තුත් වෙනස් වෙලා වෙන්න ඇති (අ)

:       0       0

තිලක් Wednesday, 18 December 2013 08:28 AM

සැමන් කියන්නේ වෙනත් මාළු වර්ගයක්... දන්නා තරම තමයි.. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site