IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


'ප්‍රතිබන්ධන' ලේකම් බන්ධනයට දිනේෂ් සැරසෙයි

‘ඒකාබද්ධ විපක්‍ෂය‘ යන වචනය භාවිතා කිරීම වැරදි බව කියමින් මාධ්‍යයට ලිපියක් යොමු කළ පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා  එම තනතුරෙන් ඉවත් නොකරන්නේ ඇයිදැයි ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් අඟහරුවාදා (3) පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේදී මෙම ප‍්‍රශ්න කිරීම සිදුකරන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සිද්ධියට මැදිහත් වෙමින් මාධ්‍ය ලේකම් අරලියගහ මන්දිරයට කැඳවා අවවාද දී උපදෙස් දී ඇත.

(පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍ය ආයතන වෙත යොමු කළ ලිපියේ පිටපතක්)

_MG_7623



අදහස් (0)

'ප්‍රතිබන්ධන' ලේකම් බන්ධනයට දිනේෂ් සැරසෙයි

චන්න ප්‍රසන්න Monday, 02 May 2016 11:44 PM

නීත්‍යානුකූල විපක්ෂයක් තිබියදී තවත් නමකින් වෙනත් විපක්ෂයක් රටක තිබෙන්න පුළුවන්කමක් නැහැ නේද? එය නීතිවිරෝධී නැද්ද? (නි)

:       0       0

මංගල වේලාරත්න Tuesday, 03 May 2016 01:22 AM

මාධ්‍ය නිදහසට ගරුකිරීම සැමගේම වගකීමය. යුතුකමය. එම නිදහස පුළුල් කරගැනීමට උනන්දු වෙනවා හරි වැරදි ලෙස පාවිච්චි කිරීම නම් හොඳ නැත (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 03 May 2016 02:35 AM

මේ ඉන්නේ මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් මිස මාධ්‍ය ඇමතිගේ ලේකම් නොවේෙන්. ඔහු රජයේ නිලධාරියෙක්. මට පෙනෙන හැටියට මෙතුමා වැඩි ලකුණු දාගන්න වැඩ කරලා වගෙයි. (නි)

:       0       0

චන්දි Tuesday, 03 May 2016 03:01 AM

ඒකාබද්ධ විපක්ෂය කියලා නීතියනුකුලව ලියාපදිංචි කළ සංවිධානයක් නැහැ නේද? ඇත්ත ඒක නේද? හෙට තව කවුරු හෝ කණ්ඩායමක් එසේ හඳුන්වා ගතහොත් ඒකත් එසේම පිළිගන්න වෙනවා. (නි)

:       0       0

මාලක Tuesday, 03 May 2016 03:40 AM

වෙලේ සුදා හිටියද එ්ත් ඔක්කොම ඒ නම කීවේ ..එතකොට ඒ මොන නිදහසද (බ)

:       0       0

කරුණාරත්න Tuesday, 03 May 2016 04:22 AM

එතකොට යහපාලන ආණ්ඩුව කියල එකකුත් තියෙනවද?(ම)

:       0       0

නුවන් Tuesday, 03 May 2016 07:44 AM

නිවැරදි දේ කරන කියන නිලධාරීන්ට කොයි ආණ්ඩුවෙනුත් කැපිලි කෙටිලි. (ර)

:       0       0

චන්දි Tuesday, 03 May 2016 05:13 AM

කරුණාරත්න, එහෙම එකකුත් නැහැ.ඔයා හිතාන හිටියේ එහෙම එකක් තියෙනවා කියලද? හිටපු කට්ටියත් එයාලගේ සගයනුත් වර්තමාන පාලනයට මඩ ගහන්න තමයි එහෙම වචනයක් සමාජ ගත කරලා තියෙන්නේ. කියන්නා කෙසේ කීවත් හිතන්නා සිහි බුද්ධියෙන් සිටිය යුතුය.(බ)

:       0       0

දුමින්ද Tuesday, 03 May 2016 08:40 AM

රටකට අපමණ අගයක් ලැබුණාද? (ම)

:       0       0

ජයරත්න Tuesday, 03 May 2016 06:16 AM

ඒකාබද්ධ විපක්ෂය නීත්‍යානුකූල නැත්නම් මොන පක්ෂයද විපක්ෂය රටේ නියම විපක්ෂය හැටියට පිලිගන්න කියන්නෙ. (ර)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 03 May 2016 06:26 AM

තමන්ට වාසි වෙන ලෙස අදහස් දාන්න එපා, නිවැරදි දේ පිළිගන්න. දැන් කරුණාරත්න මහත්තයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site