IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

නාරහේන්පිට  පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට  පොලිසිය කියයි

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තේ එම කොට්ඨාසේම පින්තාරකරුවෙකු ලෙස සේවය කරන කොස්තාපල්වරයෙකි

වවුනියාව පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස්  සැරයන්වරයකු වවුනියාව පොලිස් ප්‍රවාහන ඒකකය මගින් ඉවත් කිරීම සඳහා තිබූ පරණ ටයර් බැටරි ඇතුළු විවිධ දේපළ නාරහේන්පිට  පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන විත් ඉකුත් 4වෙනි දින එම දේපළ භාරදෙන අවස්ථාවේදී රැගෙන එන ලද බැටරි වලින් දෙකක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අවට පරික්ෂා කිරීමේදී එක බැටරියක් හමුවී ඇතැයි පොලිසිය කියයි

සොයා බැලුවද අනෙක් බැටරිය හමුවුනොවීම නිසා සැරයන්වරයා විසින් ඒ සම්බන්ධයෙන් නාරාහේන්පිට  පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කිරීමේදී සැකකාර කොස්තාපල්වරයා විසින් එම සොරකම සිදුකර ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රවාහන කොට්ඨාසයේ බස් රථයක් තුළ සඟවා තිබී මෙම බැටරිය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි

 



අදහස් (1)

පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට

තනූජා ගල්මෝල Sunday, 06 October 2024 03:47 PM

සැරයන්ද හොරා, කොස්තාපල්ද හොරා? මගේ ඔලුවත් එක්ක රිදෙනවා මේක කියවලා...

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site