"කඳුළැල් සළලා" ගීතය තුළින් ගායකයෙකු ලෙස ඔබ හඳුනාගත් ඔහු "හොට් හොට් බයිලා" වැනි ගීතද ද ගායනා කළේය. The Radio සංගීත කණ්ඩායමේ නියමුවා වන ඔහු එරංග ලංකාය. මේ කතාබහ ඔහු සමගය.
මට වර්තමාන ගීත නිර්මාණය එක්ක හිතුණා වෙනස් දෙයක් කරන්න අවශ්‍යයි කියලා. බොහෝ දේවල් තාක්ෂණිකව දියුණු වෙන කොට වැඩි වශයෙන් කතාබහට ලක්වුණා. ඒ නිසා රැල්ලට නිර්මණය වන ආදර ගීත වෙනුවට මෙවැනි ගීතයක් නිර්මාණය කරන්න මම හිතුවා. මේ ගීතයේ එක් තැනක සඳහන් වෙනවා %පියාඹන පීරිසි නෑ සොයා... අඟහරු ලෝකේ ජීවිතේ නෑපතා... කලාබර ආසියා වගෙ නෙවෙයි කුමාරිගේ නිල්වන් ඇස ඉල්ලන නම් එවැනි පද පෙළක්. මෙය රචනා කළේ ශෙහාන් ගලහිටියාව විසින්. ශෙනාල් එන්කේ එය සංගීතවත් කළා. නව රූප රචනාවක් මෙය සිදුකළා. පොඩි ළමයින්ගෙන් පවා මේ ගීතයට හොඳ ප්‍රතිචාර තියෙනවා.
කණ්ඩායම් සංගීතය ගැන?
මගේ සංගීත කණ්ඩායම වෙඩින්වලට සහ පාටිවලට සංගීතය සපයනවා. නිදහසට වැඩි කැමැත්තක් දක්වනවා. මට ලංකාවේ ප්‍රධාන පෙළේ සංගීත කණ්ඩායමකට ආරාධනා ලැබුණත්, මම මගේ කණ්ඩායම සමග කටයුතු කරනවා. ඒ පිරිස එක්ක ඉදිරි ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා.
ඉදිරි වැඩකටයුතු?
චිත්‍රපටයක ගීත ගායනයට දායක වුණා. එයට රවී හාන්ස්ට ස්තුති කළ යුතුයි. ඒ වගේම මගේ සංගීත කණ්ඩායමේ සියලු සාමාජිකයන්ව මතක් කළ යුතුයි. ඔවුනුත් මට මේ ගමනට ලොකු ශක්තියක් වුණා. මම හැමවිටම වෙනස් දෙයක් කරන්න උත්සාහ කරනවා. ප්‍රසංගයක් පවත්වන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
රංගන මදුශංක
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'පියාඹන පීරිසි' ගීතයක් සමග එන එරංග ලංකා