IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පියුමිගෙන් පෙත්සමක්

(රෝෂන් තුෂාර)


කෙටි කළක් තුළදී මුදල් ඉපවූයේ යැයි පවසමින් රහස් පොලිසිය සිදු කරන විමර්ශන වළක්වන රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පී පියුමී හංසමාලි විසින් අභියාචනාධිකරණයට  පෙත්සමක් අද(10) ගොනු කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා,රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා හා ස්ථානාධිපතිවරයා  ඇතුළු පිරිසක් නම්කර ඇත.

නීතිඥ සංජීව ඇන්තනී මහතා මගින් පවරා ඇති මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශන වළක්වමින් මැන්ඩා මුස්රීට් ආඥාවක් වග උත්තරකරුවන්ට එරෙහිව නිකුත් කරන ලෙසය.

වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් , කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙත්සම්කාරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන ට අදාළ ගොනුව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙසත්, නීති විරෝධී වත්කම් විමර්ශනයට අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විමර්ශන සිදුකරන ලෙසට වගඋත්තරකරුවන් කරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සම් මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.



අදහස් (6)

පියුමිගෙන් පෙත්සමක්

fairoos Wednesday, 10 July 2024 06:16 PM

රටින් යන්න වගේ හදන්නේ...

:       2       49

දස්තා Wednesday, 10 July 2024 08:34 PM

විමර්ශන වළක්වන රීට් ආඥාවක්, හොඳට තියෙයි හැමෝම ඔහොම කරන්න ගතහොත්

:       0       4

Rata Perata Wednesday, 10 July 2024 10:07 PM

මුන්ට තව ටික දවසකින් රටේ ඉන්න ලැබෙන්නේ නෑ. දැනටම පේනවා නේ මහගන්න හැටි.

:       0       4

Kumar Wednesday, 10 July 2024 10:51 PM

ඇය තම ආදායමෙන් යම් බද්දක් ගෙව්වාද? එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආදායම් සේවය (IRS) ඇයගේ ආදායමෙන් කොටසක් ලබාගන්නට ඇත.

:       0       5

බණ්ඩා Wednesday, 10 July 2024 11:04 PM

ඇයි ? , හංගන්න එහෙම නැත්නම් කියන්න බැරි දේවල් තියෙනවද? මේ වගේ දේවල් වලට පෙනී සිටින ගොබ්බ නීතිඥයන්ට ගහන්න ඕනේ මඩු වලිගෙන්. කිසිම බුරුලක් නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිමු.නඩුවට ඉදිරිපත් වී තමන්ගේ නිවැරදි භාවය ඔප්පු කල හැකි නම්, ඇයි පරීක්ෂන වලට බය? මේ රටේ මිනිස්සු ගොබ්බයො කියලද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ?

:       0       5

චතුරි Thursday, 11 July 2024 02:40 AM

ඔය පෙත්සම ගහන්න කිව්වෙ හොටාද. අයියලා මල්ලිලා හරියට උදව් කරනවා ඇති නේද. ගොඩින් බේරා ගන්න කියලා. ඇමති මන්ඩලේට කතා කරලා බැලුවේ නැත්ද. මේවා නතර කරන්න ටිකක්. ඉන්න නාමල් බේබි. ජානාදිපති වුනොත් මේ චන්දෙන් දිවුරුම් දෙන්න කලින්. ඔයාට ඉන්න දෙන්න නැතිව කරදර කරපු සේරම හිරේ දාලා. ඔයාව ඉන්දියාවට හරි ඩුබායිවලට හරි අරන් යයි. රටේ ගුවන් යානයකින්. ඔය දෙන්නා විතරයි යන්නෙ

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site