IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘පෙම් බසය දඹුල්ලට ආවොත් ගහල පන්වනවා‘

උපකාරක පන්ති සිසුනට දඹුල්ල බස් නැවතුම්පොළේ සිතුමතේ හැසිරීම සඳහා යොදා ගත් පෞද්ගලික බසයට යළි දඹුල්ලට පැමිණීමට ඉඩ නොදෙන බවත්, එසේ පැමිණියහොත් ගසා පන්වන බවත් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගලේවෙලදී ප්‍රකාශ කළේය.

ඒ බසයේ මාර්ග බලපත්‍රය අවලංගු කළ යුතු බව ද ඔහු කීවේය.

බසයට එන සිසුන්ගෙන් පැයකට රුපියල් 300ක් අය කර ඇති බවත් ඔහු කියයි.

බසයේ දී සොයා ගත් දැරියන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර සිසුන් දෙදෙනාත්, කොන්දොස්තර හා රියදුරාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

‘පෙම් බසය දඹුල්ලට ආවොත් ගහල පන්වනවා‘

සමන්ති Monday, 03 February 2014 07:58 PM

පණ්ඩිත අමරදේව ගයන "කබාය ඉරිලා ඊට කමක් නැත ....... මමත් ඔහොම ගියහැටි මතකයි ........මතක් වුනා .(අ)

:       0       0

මනෝජ්-සාජා Monday, 03 February 2014 09:00 PM

මොකටද ගහල පන්නනේ ඈමතිතුමෝ ,කිවුවත් වාගේ මාර්ග බලපත්‍රය අවලංගු කරලා දාන්නකෝ .(අ)

:       0       0

පෙරේරා Tuesday, 04 February 2014 05:07 AM

රටේ සමහර මිනිස්සු නීතිය අතට අරන් තමන්ටම යුක්තිය ඉෂ්ට කරගන්නේ රටට ආදර්ශයක් විය යුතු අය එසේ කිරීම වරදක් නොවන බවට කරන කියන දේවල් වලින්. (නදී)

:       0       0

උපාලි Tuesday, 04 February 2014 07:13 AM

මේවා නිකම් අර තමිල්නාඩු පික්චර කාරයෝ දේශපාලනේට ඇවිත් කියන කතා වාගේ. අර විජේකුමාර් කියන පික්චර දේශපාලුවා දවසක් කිව්වේ කට්ටියක් අරගෙන ලංකාවට ඇවිත් වැඩ පෙන්නනවා කියලා.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 04 February 2014 07:20 AM

මර්වින් මහත්තයා විශ්‍රාම ගන්නන්න බලාපොරොත්තුවක් හෙම තියෙනවද? (නදී)

:       0       0

පද්මපානි Tuesday, 04 February 2014 07:23 AM

පාලකයෝ පිස්සු කෙළින තරමටම කොල්ලෝ කෙල්ලෝ තවම පෙම් කෙළින්න පටන් අරන් නැහැ. ඕනේ ම දෙයක් කරන්න විවෘත රටේ බසයේ විතරක් දොර වහල වැඩේ නවතියිද? (නදී)

:       0       0

ජයන්ත Monday, 03 February 2014 03:00 PM

මේ ඇමතිට රටේ නීතිය ගැන කිසිම අවබෝදයක් නැති බව මේ කියන ගොන් කතා වලින් පෙනෙනවා.(නදී) .

:       0       0

බන්ඩා Tuesday, 04 February 2014 01:20 PM

ගස් බැඳීම රටේ නීතියෙන් අහක් කරලා ගහල පැන්නීම නීතිගත කරලා වගෙයි. (දී)

:       0       0

අජන්තා Monday, 03 February 2014 04:11 PM

පරණ පුරුදු සෙල්ලමට වගේ ආයෙත් ලැහැස්තිවෙන්නේ.(නදී)

:       0       0

ලන්කා Monday, 03 February 2014 04:23 PM

ගහන්ඩ ඕනේ බස් එකටද ? (නදී)

:       0       0

රංජිත් සිල්වා Monday, 03 February 2014 05:01 PM

ගහලා පන්නනවා කියන්නේ කැළෑ නීතිය නේ. මීට වඩා මනුස්සකම රැකෙන ලෙසට මේවා විසදන්න නීති නැත්ද. චන්ඩි කමද පාලකයින් අනුගමනය කරන්නේ. (නදී)

:       0       0

නිශාන්ත Monday, 03 February 2014 05:18 PM

කොල්ලන්ට කෙල්ලන්ට නිදහසේ පෙම් කරන්න තැන් නැති කොට මේ වාගෙ තැන් වලට නොයා වෙන කොහෙ යන්නද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site