IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පෙම්වතිය මරා කැලණි ගඟට දාලා

(ටෝනි කරුණානායක)

ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ  නිවසේදී තම පෙම්වතියව ගෙල සිරකර ඝාතනය කර ඇති පෙම්වතා ඇයගේ මළ සිරුර කාර් රථයකින් රැගෙන ගොස් වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට දමා තිබියදී සොයා ගෙන ඇති  බව බෙම්මුල්ල පොලිසිය ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ අද (21) කරුණු වාර්තා කළේය .

වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 22 හැවිරිදි එස් .නදිසා සංදීපනි  නමැති තරුණියව මෙසේ ඝාතනය කර ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ කීය .

සැකකරු සහ මරණ කාරිය වසර  පහක පමණ කාලයක සිට පෙම්වතුන්ව සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ . සැකකරු මරණකාරියගේ  නිවසට නිතර  නිතර ගොස් ඇති බවත් ඉකුත් 16 වෙනිදා සැකකරු පෙම්වතියව වැල්ලම්පිටිය 
සේදවත්ත නිවසේ  සිට ගම්පහ දොරණාගොඩ පිහිටි සැකකරුගේ නිවසට මෝටර් රථයකින් රැගෙන විත් ඇති බව පොලිසිය පවසයි .

සැකකරුගේ නිවසේ කිසිවකුත් සිට නොමැති අතර දෙදෙනා අතර ඇති වූ ආරවුලකදී සැකකරු විසින් තම පෙම්වතියගේ ගෙළ මිරිකා ඝාතනය කර ඇති බවට  පොලිස් බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ . පසුව සැකකරු පෙම්වතියගේ මළසිරුර 

මෝටර් රථයේ දමාගෙන ගොස් වැල්ලම්පිටිය  කොහිලවත්ත ප්‍රදේශයේ දී කැලණි ගඟට දමා ඇති බවත් මළසිරුර 18 වැනිදා වැල්ලම්පිටිය පොලිසිය මගින් සොයාගෙන ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ කීය  .

දැනට මළසිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ද පොලීසිය අධිකරණය හමුවේ පැවසීය .

තම දියණිය අතුරුදන් බවට මව්පියන් වැල්ලම්පිටිය පොලීසිය වෙත  පැමිණිලි කිරීමට යාමයේ දී සැකකරු ද දෙමාපියන් සමඟ වැල්ලම්පිටිය  පොලිසියට ගොස් ඇති බව පොලිසිය කීය .

සැකකරුව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව බෙම්මුල්ල පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ  සඳහන් කළේය .
එම ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භ කළ ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා බෙම්මුල්ල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් .ඊ. බී.ජේ.බංඩාර සහ සැරයන් සුනිල් (18200) යන 
නිලධාරීන්ගේ මගපෙන්වීම මත ඊයේ (21) දහවල් තරුණිය  ඝාතනයට ලක්වු ස්ථානය නිරීක්ෂණය කළේය .

එම ඝාතනය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය සහ බෙම්මුල්ල පොලිස් ස්ථාන මගින් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබයි.



අදහස් (0)

පෙම්වතිය මරා කැලණි ගඟට දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 596 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 750 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site