IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිම්මක් පනින්නද හදන්නෙ?

2016-05-05-ent-01ඒකාබද්ධ විපක්‍ෂය පැත්තෙ ඉන්න එක්තරා "චරිතයක ඩබල් ගේමක් ගැන පරීක්‍ෂණයක් වගේම නිරීක්‍ෂණයකුත් පසුගිය දවස්වල සිද්ධ වුණාලු.. මුන්නැහේ දකුණෙත් ආපු කවුන්සිල් පොරක් වගේම කෙටි පාරවල්වලින් ඉහළ නගින්න ට්‍රයි කරන කෙනෙක් හැටියටත් ප්‍රසිද්ධයි කියලා සමහරැ කියනවා.

ඉතින් මුන්නැහෙත් ගාල්ලේ මනුෂ තුමා ගිය පාරෙම ගිහිල්ල පට්ටමකට ඉව අල්ලනව කියලත් ආරංචියක් ගියා. ඒ අතරෙ ඒකාබද්ධ විපක්‍ෂයෙ මැයි රුලිය තමන්ගෙ අතට ගන්න දිය යටින් පොඩි ගේමක් දෙන්න හැදුවයි කියන තොරතුරක් ආව.

මේ සෙරම අහගෙන බලාගෙන හිටපු පරණ ලොකුතැන පසුගිය දාක මේ කවුන්සිල් මෑන්ට එන්න කිව්වලු... එන්න කියලා මම තමුන්ගෙන් කෙළින්ම ප්‍රශ්නයක් අහන්නම් කෙළින් උත්තරයක් දෙන්න ඕන මම මේ ප්‍රශ්නය අහන්නෙ හුඟක් දේවල් දැනගෙනය කියලා කීවලු.

ඊළඟට හිටපු ලොකුතැන මෙයාගෙන් ඇහුවෙ  "ඔයා මෙහෙම හැසිරෙන්නෙ ළඟදි ආණ්ඩුවට යන්න බලාගෙනද කියලා.. එහෙම යනවනම් කලින් කියන්න කියල පොඩි ඉල්ලීමකුත් කළා." .මේ ප්‍රශ්නෙට උත්තර දුන්න දකුණෙ පොර බොහොම අපසෙට් එකේ කීවලු අනේ මම නම් යන්නෙ නැහැ සර් කියලා.. එහෙම කීවට ලොකු තැනගෙ ප්‍රශ්නෙ නිසා උන්නැහේ කරකවල අතෑරියවගේ වුණා කියලා ආරංචියි.. ඊට පස්සේ මෙයා "මම ගිහින් එන්නම් සර්" කියලා යන්න ගියාලු.

 

DESHAYA



අදහස් (0)

පිම්මක් පනින්නද හදන්නෙ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site