IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති

(විමුක්ති එස් රුද්‍රිගු සහ ලහිරු හර්ෂණ)

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ  නිවහනේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානය පැවැසුවේය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව කාදිනල් කෙවින් ෆැරල් නිවේදනය කළ අතර එම නිවේදනයේ සඳහන් වී තිබුණේ කැසා සැන්ටා මාර්ටාහිදී පාප් වහන්සේගේ නිවහන්ගේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන 7.35 ට ස්වර්ගස්ථ වූ බවයි.



අදහස් (10)

පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙති

Nandalal de Silva - France Monday, 21 April 2025 02:23 PM

ස්වර්ගස්ථ වූ, ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ, ඊයෙ ශුද්ධවූ පාස්කු ඉරිදා, රොමයේ ශාන්ත පීතර චතුරශ්‍රයෙ දහස් ගණනක් බැතිමතුන් පිරිසක් ඉදිරියට පැමිණ සමුගත් ආකාරය එහි සිටි අයගේ බැතිබර හදවත්වල නොමියෙන තුරුම රැදී තිබෙනු ඇත. දෙවියන් වහන්සේ, රෝගී පාප් වහන්සේ එතැනට රැගෙනවිත් මහජන ගෞරවය ලබාදී, ස්වර්ගයට කැදවාගෙන ගිය බව බොහෝ බැතිමතුන්ගේ මතයයි.

:       28       48

ජිල්බු Monday, 21 April 2025 03:00 PM

නිවන් සුව ලැබේවා!

:       2       30

බකල ජයාMonday, 21 April 2025 04:44 PM

මිස්ටර් නන්දලාල් පාන්ස්, පාප්තුමාව රෝද පුටුවේ තියාගෙන තල්ලු කරගෙන ආවෙ එතකොට එතුමා නේද? මම ඒත් නිකමට වගේ හිතුවා.

:       3       15

පොඩිඑකාMonday, 21 April 2025 05:57 PM

අඩ්ඩා…, බකලජයා කිව්වත් වගේ, මේ වහන්සේ රැගෙන ආ, ඒ වහන්සේ දැක ගැනීමේ චාන්ස් එක මට මිස් වුණා. වීඩියෝ ක්ලිප් එකක්වත් නැද්ද?

:       0       0

ගුණරත්න Monday, 21 April 2025 02:31 PM

ෆ්‍රැන්සිස් පාප්තුමන්ට සදාකාලික සාමය ලැබේවායි පතමි!

:       11       11

rohank Monday, 21 April 2025 03:11 PM

Nandalal, බැතිමතුන් ඉතාමත් බුද්ධිමත් අය වගේ....

:       3       20

Sellakkara Kolla Monday, 21 April 2025 03:35 PM

බෞද්ධ අපිත් ගොඩක් ආදරේ කරන දැක්කත් හිත නිවෙන කෙනෙක්. සමාදානයේ සැතපේවා !!

:       16       17

Saman Monday, 21 April 2025 07:37 PM

ඉතා හොඳ පාප් වහන්සේ කෙනෙක්... නිවන් සුව..!

:       0       0

ගමේ එකාලා Monday, 21 April 2025 08:39 PM

පාප්වහන්සේට මොක්සුව ලැබේවා...!

:       0       0

සෙනෙවිරත්න Monday, 21 April 2025 09:26 PM

මේ වගේ ප්‍රවෘත්තියකට පවා ඩිස්ලයික් දාන අය දැක්කාම මොනවිදියේ මානසිකත්වයක් තියෙන මඩ බලකායක් එක්කද අපට සටන් කරන්න වෙලා තියෙන්නේ කියලා හිතෙනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site