IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


පුපුරණ ද්‍රව්‍ය කිලෝ 250 ක් හම්බන්තොටින් අල්ලයි

(දිලීප් ජයසේකර)

හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250 කට වැඩි ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදි.

හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් තිබු කුඩා ලොරියක් නවත්වන ලෙස සංඥා කළද එය නොනවත්වා ධාවනය කර තිබේ.  පසුව ලොරිය හඹා ගිය සුරියවැව වල්සපුගල  පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අද (15) පෙරවරුවේ මෙම ලොරිය සහ පුපුරණ ද්‍රව්‍ය  අත්අඩංගුවටගනු ලැබ තිබේ.

ලොරියේ තිබී ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝ 25 කොට්ට 09ක්, අධිබළැති පුපුරණ ද්‍රව්‍යක් වන ජෙලට් නයිට් කූරු 196ක් සහ විදුලි ඩෙටනේටර් 100ක්  අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරිය සහ රියදුරාද අත්අඩංගුවට ගෙන ඇත. සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලද ඔත්තුවකට අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය  තොගය සොයා ගැනීමට හැකි වි  තිබේ.

සැකකරු වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා හම්බන්තොට පොලිසියට බාර දි තිබේ. පුපුරණ ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට පත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (15)

පුපුරණ ද්‍රව්‍ය කිලෝ 250 ක් හම්බන්තොටින් අල්ලයි

mahinda Friday, 15 March 2019 09:00 AM

ඔය ටික උතුර හෝ නැගෙනහිරින් අහූ වුණානම් මෙලහට දකුණේ අන්තවාදීන් කොටිනැගිටිලා කියලා මරතලයි.

:       1476       11645

NuwanFriday, 15 March 2019 09:58 AM

දකුණේ අන්තවාදීන් නැත. ඔහේගේ ඔලුවේ දෝෂයක්. මට නිල්, කොළ, රතු අදාලම නැත.

:       11016       1277

sanduMonday, 18 March 2019 12:53 AM

එතකොට දකුණේ ඉන්නේ බබාලාද...?

:       0       0

janahanda Friday, 15 March 2019 12:18 PM

දකුණේ අන්තවාදීන් ගැන කතා කරන අය පසුගිය 30 වසරක් විශේෂයෙන් 2008/09 කාලයේ හිටියේ ඇඳන් යට බස් බෝම්බයට බයේ ගෙවල් වලට වෙලා ඉඳලා... දැන් පම්පෝරි ගහනවා.

:       10841       816

සිංහ කොටි Friday, 15 March 2019 09:05 AM

හම්බන්තොට කොටි යනු අලුත් සිංහ කොටි වර්ගයක්... අගමැති උපන් දිනය, කර්මාන්ත ඇරඹීමට විරුද්ධ කට්ටිය? අගමැති පරිස්සම් වුනොත් හොඳයි...

:       743       691

sudesh Friday, 15 March 2019 09:48 AM

සිංහ කොටි, බළලා මල්ලෙන් එළියට පැන්නද?

:       173       169

Deepal Friday, 15 March 2019 10:59 AM

හොයලා බලන්න ඔය ටික ගෙනාවේ ගල්කඩන්න ඕනෙද කියලා. ඒකත් හොරට දේශපාලකයෙක් කරනවා ඇත්තේ... අර සාටකේ කෙනෙක් කෙසෙල් කපලා මිරිස් හිටෙව්වා වගේ...

:       179       132

anura Friday, 15 March 2019 12:19 PM

බම්බුව තමයි. කොළ කොටි නැගිටලා නින්දෙන්...

:       34       75

C.K.Lankaputhra Friday, 15 March 2019 01:11 PM

ගල්කොරි කාරයෙක් බඩු ටිකක් කොහෙන් හරි හොයාගෙන ගෙදරට දක්කන්න ගිහිල්ලා මාට්ටු වෙලා. තව කට්ටියක් අඹුඩෙ ගලවාගෙන උතුර, දකුණ හොයනවා...

:       59       242

samiraFriday, 15 March 2019 03:03 PM

හරියට හරි මේවා බොහෝවිට අධි වේගෙන් ගනිපුවා...

:       1       74

ravi Friday, 15 March 2019 01:16 PM

අලුත් අධිකරණයට වැඩ අල්ලන්න මරු නැකතක්! මේවා අල්ලනවා වගේම මේවයේ අල , මුල සහ වැල ගිය තැනුත් හොයාගන්න උත්සහ කරමු නේද .

:       2       77

athura Saturday, 16 March 2019 07:02 AM

ඔන්න බලන්න අර බමුණා මේ නිවුස් එක දැකල නැහැ.

:       3       7

Chanak Los angelesSaturday, 16 March 2019 10:22 PM

බමුණා තවම මැදමුලනයෙන් අරගෙන ගිය රෙදි ටික හෝදනවා. ඉවර වෙලා ඒවි ආයිමත් හෝදන්න .

:       8       4

Aththa Sunday, 17 March 2019 04:30 AM

මේවා ගල් කොරි වලට දාන ඒවා..

:       0       5

bandula Sunday, 17 March 2019 07:09 AM

මේවා බෝර ගහන ඒවා .යුද්ද කරන ඒවා නොවේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 102 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site