IMG-LOGO

‘පැනමා සල්ලි ලංකාවට ගෙන එනු : හොරුන් අල්ලනු‘

පැනමා රාජ‍්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ ආධාරයෙන් බදු ගෙවීම් පැහැරීම කළු සල්ලි සුදු කිරීම ඇතුළු නීති විරෝධී මූලය කටයුතුවල නිරත වූ ලෝක නායකයන්, ප්‍රකට පුද්ගලයන් , ව්‍යාපාරිකයන් සහ සමාගම්වල විස්තර ප්‍රසිද්ධියට පත්කිරීමට  ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සන්සදය නව වැනිදා රාත්‍රී (ලංකා වේලාවෙන්) පියවර ගත්තේය.

ඒ අනුව ලාංකිකයන් 21 දෙනකුගේ නම් එහි පැහැදිලිව ඇත. එහෙත් ශ්‍රී ලංකාව ලිපිනය වශයෙන් දුන් සෑහෙන පිරිසක් ද එහි සිටින බව කියති.

එම පිරිස අතර පසුගිය වකවානුවේ වැඩි කතාබහට ලක්වූ කිහිප දෙනකුගේ නම් ද සඳහන්වී තිබේ. ප්‍රසිද්ධ ආරක්ෂක සමාගමකට සම්බන්ධ බව කියන හතර දෙනකුගේ නම් එහි දක්වා තිබේ.

සමාගම් තුනක ද, අතරමැදියන් බව කියන හත් දෙනකුගේ හා ලිපින 53ක තොරතුරුද එහි ඇතුළත්වේ.

ඉන්දියාවේ පුද්ගලයන් 1046 දෙනකුගේ ද, ලිපින 828ක ද විස්තර එම ලැයිස්තුවේ සඳහන්ය.

ශ්‍රී ලංකාවේ නීතියට පටහැනි පැනමාවේ කෝටි ගණන් මුදල් තැන්පත් කළැයි කියන ශ්‍රී ලාංකික ගිණුම් හිමියන් 60 දෙනකුගේ තොරතුරු හෙළිවී ඇති හෙයින් වහාම පරීක්ෂණ අරඹන්නැයි දූෂණ විරෝධී පෙරමුණේ කීර්ති තෙන්නකෝන් කියයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක සමාගමක්, හෝටල රන් අබරණ ඇඟළුම් හා බුකී කර්මාන්ත වලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 65 දෙනකුගේ ගිණුම් හා ලිපින 51 ක් එහි ඇතැයි ඔහු කියයි. හිටපු සංස්ථා සභාපතිවරයකුගේ නමක්ද එහි ඇත.

රට සල්ලි පිළිබඳ ශ්‍රී ලංකා නීතියෙන් රිංගා ශ්‍රී ලංකාවේ මහත්වූ ධනස්කන්ධයක් හොරෙන් පැනමාවට යැවූ පුද්ගලයන් සොයා බලන අතර එම ධනස්කන්ධය රටට ලබාගැනීමට ක්‍රියා කළ යුතු බවත් ඔහු කියයි. 

(අයිසීඅයිජේ වෙබ් අඩවිය ඇසුරෙනි)

https://offshoreleaks.icij.org/search?c=LKA&cat=1&e=&j=&q=&utf8



අදහස් (0)

‘පැනමා සල්ලි ලංකාවට ගෙන එනු : හොරුන් අල්ලනු‘

ජයන්ත Tuesday, 10 May 2016 12:00 AM

දැනට අපේ දේශපාලඥයින් කීදෙනෙක් ඉන්නවද? (නි)

:       0       0

සමන් - මිනුවන්ගොඩ Tuesday, 10 May 2016 09:15 AM

මම මේ බයේ ඉන්නෙ මගෙ නමත් ඕකේ තියෙයිද කියල (බ)

:       0       0

සත්‍යයා Tuesday, 10 May 2016 12:39 AM

අයියෝ! 65 ද? අපි හිතුවේ 100 කට වඩා ඉන්නවා ඇති කියලයි. (නි)

:       0       0

මාලක Tuesday, 10 May 2016 12:58 AM

නම් එළියට නොදාන්න ඒවා හංගාගන්න උවමනා අය නොකරන දෙයක් නැතිවෙයි (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 10 May 2016 01:01 AM

මම නම් හිතුවේ මීටවඩා ඉඳියි කියලා (නි)

:       0       0

අත්තනායක Tuesday, 10 May 2016 01:03 AM

අපිට කුකුසක් ඇතිනොකර මේ නම් එළිදක්වන්නකෝ (නි)

:       0       0

පුෂ්පා Tuesday, 10 May 2016 01:05 AM

මගේ නමත් තියනවද දන්නෙ නැහැ. මට නම් බයේ බැහැ (නි)

:       0       0

පකීර් Tuesday, 10 May 2016 01:06 AM

මෙන්න අවශ්‍ය ලින්ක් එක. තමන්ට අවශ්‍ය නම දාලා හොයාගන්න. https://offshoreleaks.icij.org/ (නි)

:       0       0

ලියනගේ Tuesday, 10 May 2016 01:10 AM

අහනකොටත් පුදුමයි. අපි නම් හිතුවේ අඩුම තරමේ දෙතුන්දාහක්වත් ඇති කියලා (නි)

:       0       0

යසෝධරා Tuesday, 10 May 2016 01:50 AM

බලාගෙන යද්දී ලංකාව අපි හිතන තරම්ම දුප්පත් නැහැ (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 10 May 2016 02:11 AM

පැනමාව කියන්නේ සල්ලි හංගපු එක තැනක් විතරයි (නි)

:       0       0

ධම්ම Tuesday, 10 May 2016 02:14 AM

ආණ්ඩුව හොරු මන්තරය ජප කරමින් අවුරුදු එකහමාරක් ඇද්දා. පැනමා ලැයිස්තුව ජප කරමින් තවත් එකහමාරක් දෙකක් අදින්නද මේ ලෑස්තිය. අනේ මගේ ඡන්දේ! (නි)

:       0       0

බන්දුල Tuesday, 10 May 2016 03:20 AM

එකත් හොදයි දැන් වැට් බැට් ඔක්කොම අමතක වෙන්න මේක මාසයක් විතර හොදයි.(හේ)

:       0       0

චන්න ප්‍රසන්න Tuesday, 10 May 2016 03:29 AM

අනේ අපොයි අබ සරණයි, කාට කාටත් කටඋත්තර නැති වෙයි. (හේ)

:       0       0

ටිකිරි Tuesday, 10 May 2016 03:42 AM

අපි බලයට පත් කර ගත්තු කොන්ද පන නැති වුදවිය ගැන මම අද විශාල ලෙස දුක් වෙනවා.(හේ)

:       0       0

යශෝධ Tuesday, 10 May 2016 10:43 AM

අහල පුරුදු නමකට තියෙන්නේ එක නමක් විතරනේ. (ර)

:       0       0

සිරි කටාර් Tuesday, 10 May 2016 05:03 AM

එක නමක් විතරයි දන්නා නමක් තියෙන්නේ අනිත් ඒවානම් හරියට දන්නෙ නෑ කාගෙ කව්ද කියලා. (ර)

:       0       0

රකිත Tuesday, 10 May 2016 05:16 AM

ආරක්ෂක සමාගමක් නම් ඉතින් ඇවන්ට්ගාර්ඩ් තමයි.(හේ)

:       0       0

සුමිත් Tuesday, 10 May 2016 05:26 AM

මේ අයගේ නමුත් කිව්වානම් නේද හොඳ?(හේ)

:       0       0

මොහාන් Tuesday, 10 May 2016 05:59 AM

ධම්ම, එහෙම කියන්නේ මොකද? (ර)

:       0       0

උපාලි Tuesday, 10 May 2016 06:29 AM

අප්පුහාමි කියනවා වගේ පැනමාව එක තැනක් විතරයි. අපොයි ඔයිට වඩා හොඳ තැන් ඕන තරම් ඇති. තැන් තැන් වල ටික ටික දාල තිබ්බහම හොර එලිවීමේ අවදානම අඩුනේ. (ර)

:       0       0

සිරිමාන්න Tuesday, 10 May 2016 06:51 AM

මම විදේශයක අවුරුදු 30 පමණ ජීවත්වන්නේ. නියම විදිහට බදු ගෙවන ගමන් මමත් ජාත්‍යන්තර බැංකු සහ මුල්‍ය සමාගම්වල මුදල් ආයෝජනය කරනවා. අවුරුදු 25ක් මේ රටේ හොඳ රැකියාවක් කරන නිසා මට සැහෙන ඉතිරියක් තිබෙනවා ඒ වගේම ලංකාවේ අපේ පවුල් වලටත් ඇති තරම් උදවු කරනවා. මේ විදිහට මුදල් ආයෝජනය කිරීම තහනම් නැහැ නීත්‍යානුකුලව උපයපු දේ නම්. දැන් ලංකාවේ කියවෙන විදිහට මේ මුදල් ආයෝජනය කරපු ලංකාවේ අය හැමෝම හොරු වෙලා. හැමෝම හොරු නොවෙන්න පුළුවනි. සමහරක් දෙනෙක් පමණක් හොරු වෙන්න පුළුවනි. ඒ නිසා දේශපාලකයින් කියන හැම දේම ගිලින්න එපා. (ර)

:       0       0

නුවන් Tuesday, 10 May 2016 07:16 AM

කිත්සිරි , නෙත්දල්වා බලා සිටි කෙනෙක්ගේ නම තියෙන්නේ කොහොමද.? කිසිම ලොක්කෙක් තමන්ගේ නමින් ව්‍යාපාර කරන්නේ නැහැ ,මේ සරල දේවත් දන්නේ නැද්ද.? (ර)

:       0       0

දුමින්ද Monday, 09 May 2016 07:39 PM

ශ්‍රී ලංකාවේ එකම දේශපාලඥයෙක්වත් නැහැ කියලා තමයි ආරංචි. බලමුකෝ. (නි)

:       0       0

දහම් Monday, 09 May 2016 08:41 PM

මේ නම් සඳහන් පුද්ගලයින්ට දැන් මොනවා හිතිලා තියෙනවා ඇද්ද? (නි)

:       0       0

කිත්සිරි Monday, 09 May 2016 08:44 PM

නමුත් මෙම ලැයිස්තුවේ සැමදෙනාම නෙත්දල්වා බලා සිටි කෙනෙක්ගේ නම නොමැතිවීම අපිට පුදුමයක් (නි)

:       0       0

අනිල් Monday, 09 May 2016 08:56 PM

ඇයි ඉතින් ලැයිස්තුව තියනවනේ ඕනෑ කෙනෙකුට පෙනෙන්න. ඉතින් බයනැතුව ඔය කියන 'වැඩි කතාබහට ලක්වූ' අය ගැන දැනගන්න පුලුවන්නේ. (නි)

:       0       0

කැනඩා දිසා Monday, 09 May 2016 11:53 PM

අපොයි! මගේ හිතේ තිබෙන කෙනාගේ නම නම් ඕකේ තියෙන්න එපා දෙවියනේ (නි)

:       0       0

ටෙනිසන් Monday, 09 May 2016 11:57 PM

බලනකොට ඉන්දියාවෙනේ සල්ලිකාරයෝ ඉඳලා තියෙන්නේ (නි)

:       0       0

රන්බණ්ඩා Monday, 09 May 2016 11:59 PM

මේවා අපි ලංකාවේ මිනිසුන්ට හංගන්නේ නැතුව කියන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site