IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට

(ඩයනා උදයංගනී)

පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ හෙට (8) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

විශේෂයෙන් අන්තර් පළාත් බස් සේවාවන් අද දිනයේත් ක්‍රියාත්මක වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර පමණක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පොදු ප්‍රවාහන සේවාවන් හෙට (8) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තීරණය කර තිබුණත් ජනාධිපති මාධ්‍ය අංශය ඉකුත් 5 වැනිදා නිකුත් කරන ලද නිවේදනයෙහි තොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ප්‍රවාහන සේවාවන්ට අදාළ පාර්ශව අතර හෙට දිනයේදී පැවැත්වීමට නියමිත බව කී අමාත්‍යවරයා එහිදී ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස් අනුව ඉදිරි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව ද කීවේය.

සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ආසන සංඛ්‍යාව අනුව පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේදී දැනට පවතින ලංගම හා පෞද්ගලික බස් රථ ප්‍රමාණවත් නොවන බැවින් විකල්පයක් ලෙස සංචාරක සේවා බස්රථ මෙන්ම දැනට ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ ඇති බස් රථ ද මගී ප්‍රවාහනය සඳහා තාවකාලිකව ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබෙන බව ඇමති අමරවීර මහතා සඳහන් කළේය.

එම තාවකාලිකව ලියාපදිංචි කරන බස් රථ අවශ්‍යතාව අනුව පමණක් ධාවනයට යොදවන ලෙස තමන් ගමනාගමන කොමිසමට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා පැවසීය.



අදහස් (1)

පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට

සිරිබිරිස් Sunday, 07 June 2020 10:15 AM

ඒක කරන්නේ ඡන්දෙ තියෙන්නේ කවදාද කියලා කිව්වට පස්සේ වෙන්න ඇති...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site